ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රමාණයට වඩා කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇතැයි පවසමින් ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, සියලුම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම්කර තිබේ.