තුරඟ තරග පිටියේ හෝටලයක පිපිරීමක් සමග ගින්නක්
පැරණි තුරඟ තරග පිටියේ ස්ථාපිත හෝටලයක් තුළ පිපිරීමක් සමග ගින්නක් ඇතිව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවට සැකකෙරෙන බවත් පිපිරීම හේතුවෙන් කිසිවෙකු තුවාල ලැබීමක් හෝ ජීවිතක්ෂයට පත්වීමක් වාර්තා නොවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
"අද දින අලුයම් කාලයේදී කොළඹ කරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීම සිදුව තිබෙන්නේ පැරණි තුරඟ තරග පිටියේ පහත මාලයේ ස්ථාපිත කර කර තිබෙන ජාත්‍යන්තර ආහාර සැපයුම් ආයතනයකට අයත් හෝටල් පරිශ්‍රයක් තුළ.
මෙම හෝටල් පරිශ්‍රයේ සිදුවූ ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම හටගන්නට ඇති බවට දැනට සැක කෙරෙනවා. ඉන් අනතුරුව ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය හා පොලිස් ගිනි නිවීමේ ඒකකය කටයුතු කර තිබෙනවා.
පිපිරීම නිසා යම්කිසි පුද්ගලයෙකු මිය යෑමක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නෑ. පිපිරීමට හේතුව නිෂ්චිතව දැන ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතයි. ඒ වගේම කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ කුරුඳුවත්ත පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා."






popular news
-
Nandana Saturday, 20 November 2021 09:49 AM
Any plan to sell this property ?,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
