වරාය නගරයේ F1 ධාවනය පථය අහෝසි කර උද්‍යානයක් හැදුවේ අපියි
තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිරයා විසින් කළ වැඩක් සේ හුවා දක්වමින් අද (09දා) විවෘත කළ බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කුරුණෑගල 43 සේනාංක ජනහමුවකින් පසු මාධ්‍ය අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
“ජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමා සමග වරාය නගරයේ ඉදිකරන ලද මං පෙත විවෘත කරනවයි කියලා තියෙනවා. ඇත්තටම ඔය වරාය නගරයේ තිබුණා ෆෝමියුලා වන් කාර් රේස් යන්න හදපු සැලසුම. ඒ සැලසුම අවලංගු කරලා වරාය නගරයේ අපේ ජනතාවට යන්න පුළුවන් උද් යානයක් නිර්මාණය කළේ අපේ අමාත් යාංශය යටතේ තමයි,2016 වර්ෂයේ තමයි ඒක පටන් ගත්තේ.
අද තමන්ගේ වගේ ඒවා විවෘත කරනවා වගේ ගිහින් විවෘත කරනවා. මහනුවර නගරෙත් විශාල සංවර්ධන යෝජනා ක්‍රම ගණනාවක් විවෘත කරේ අපේ කාලේ. අපේ අමාත්‍යාංශයෙන් හදපුවා. ගෝඨාභය කාලේ හදපු එක මහා පරිමාණ ව්‍යාපෘතියක්වත් නැහැ. ඒ වගේම මම දැක්කා මේ ලංකාවේ උමං කනින්න චීනයෙන් යන්ත්‍රයක් ගේනවා කියලා.
ඇත්තටම අද මේ උතුරු මැද ඇළ එහෙම නැත්නම් සෙන්ට්‍රල් කැනෑල් එක, කඩිනම් කිරීමේ මුවාවෙන් අති විශාල වංචාවක් සිදු කරන්න යනවා. ඒක වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවොත් සියලු දෙනාම කරලා තියෙනවා. නමුත් ඒ අමාත්‍යාංශ ලේකම්වරයාත් එක්ක එකතුවෙලා ඩොලර් මිලියන තිස්පහක විශාල වංචාවක් මේ උතුරු මැද ඇල හරහා සිද්ධ කරන්න යනවා. මේ උමග තැනීමට මුවා වෙලා. ඒ බවත් කියන්න ඕනේ. මේවා මේ පුදුම වෙන්න දේවල් එහෙම නෙවෙයි.
මේවා පිටිපස්සේ තියෙන්නේ විශාල ජාවාරම්. අපිට කියන්න තියෙන්නේ ඉතා කණගාටුවෙන්, ඒ කාලේ කරපු ජාවාරම් වල ප්‍රතිඵල තමයි දැන් අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. මේ තත්වය වෙනස් කරන්න. වහාම පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ වල නියෝජිතයෝ මැදිහත් වෙන්න ඕනේ. මොකද මේ රට බංකොලොත් වුණොත් මේ රට අවුරුදු දහයකටවත් නැවත ගොඩගන්න හම්බවෙන්නේ නැහැ.”

popular news
-
klal Sunday, 09 January 2022 11:36 AM
Dukata kiyana Katha. Just because yahapalana regime stopped Port city construction, damage done to the nation is unimaginable. Yes, when you are in power such things should happen. Whoever is in power must continue development work who initiated it is not a matter. But what you did. 1. Selling Hamabthota port 2. Abaondoning MRIA 3. Stoping port city construction for three years 4. Did away with all development activities and used all loans for consumption and imports 5. Destroyed military and intelligence service 6. Instigated huge wave of corruption and mismanagement of state institutions 7. Religious terrorism 8. Eroding foreign reserves without any programme for export earnings.
Reply : 0 0
Kumar Sunday, 09 January 2022 03:54 PM
thawa wasara 10 kin pamana oya port city eka muhuda gilagannawa. Ethek sharirayata yahapathak labaganna paa gamanay yedenna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

