saravita-anim2

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 6434 hours ago

LATEST

ගුරු සංගමය යළි සාකච්ජාවක් ඉල්ලයි

calendar_today 2021 සැප් 08 - 08:06 remove_red_eye - 440  

ගුරු ගැටලු විසඳිමට අදාළ එකඟතාව ලබාගැනිම සඳහා ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයාගේ සාකච්ජාවක් ලැබෙන තුරු සිය වෘත්තිය අරගලය ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය.

කැබිනට් අමාත්‍යධුරයකට සමාන මහ බැංකු අධිපතිධුරයක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වෙයි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 674 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2019 වසරට වඩා 2020 දී ක්ෂය රෝගයට ප්‍රතිකාර ලැබූ පිරිස මිලියනයකට වඩා අඩු බවත්, එයින් අනිවාර්යයෙන්ම ලක්ෂ ගණනක් මිනිසුන් මියගොස් ඇතැයි කියා තමා බියට පත්වන සිටින බවත් ගෝලීය ආධාර අරමුදලේ විධායක අධ්‍යක්‍ෂක පීටර් සැන්ඩ්ස් පැවසීය.

Read More

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ නව අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඔවුන් ඇෆ්ගනිස්තානය ’’ඉස්ලාමීය එමිරේටය’’ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

දකුණු අප්‍රිකාව සමගින් පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමග ICC සුපර් ලීග ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඒ අනුව එහි පස්වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය.

Read More

2015 නොවැම්බර් 13 වැනි දින මරාගෙන මැරෙන ඇඳුම් ඇඳගත් ජිහාඩ් තුවක්කුකරුවන් විසින් බාර් සහ අවන්හල් 6ක්, බැටක්ලැන් ප්‍රසංග ශාලාව සහ ක්‍රීඩාංගනයක් ඉලක්ක කර ගනිමින් 130දෙනෙකු පමණ සාහසික ලෙස මරා දමමින්, තවත් සිය ගණනක් තුවාල ලැබුවේ ප්‍රංශ ජාතිය තුළ ගැඹුරු වේදනාවක් ඉතිරි කරමිනි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගාවලිය ජයගැනීමට කණ්ඩායමේ සෑම කෙනෙකුම උපරිම දක්ෂතා දැක්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

Read More

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ තුන්වන සහ අවසන් එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 78 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමට සියල්ලන්​ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 125ක් පමණි.

Read More

ඇතැම් අවස්ථාවල මෙම බූස්ටර් මාත්‍රාව ලබාදිය යුතු වන්නේ පෙර දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් දින 28කට පසුව බවත්, එකම එන්නත් වර්ගයක්ම භාවිත කිරීම වඩාත් සුදුසු බවත් ස්පාඤ්ඤයේ මහජන සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

හදිසි නීති රෙගුලාසි ගෙන ඒම තුළින් ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු බලපෑමක් එල්ල වී නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

Read More

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ගැබිනි මවුවරුන් වහාම එන්නත් ලබා ගන්නැයි සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසල් තුළ මුඛ ආවරණ පැලඳීම තහනම් කිරීමේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ තීන්දුව නිසා මේ වනවිටත් ගුරුවරු හා සේවකයන් කිහිප දෙනෙකුම කොවිඩ්-19 වසංගතයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වෙයි.

Read More

කෙසේ වෙතත් මෙම දක්ෂතාව මීට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නන් තිදෙනෙකු විසින්ම පෙන්වා තිබුණි. චරිත බුද්ධික - 2001 - සිම්බාබ්වේට එරෙහිව කෞෂල්‍ය ලොකුආරච්චි - 2002 - කෙන්යාවට එරෙහිව තිලාන් තුෂාර - 2007 - කොදෙව්වන්ට එරෙහිව

Read More

ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍184 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 4 දෙනෙකු, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 134 දෙනෙකු අයත්.

Read More

බ්‍රිතාන්‍යය අද (07දා) කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ 209ක් වාර්තා කළ අතර, එය මාර්තු 9දායින් පසු වාර්තා වූ වැඩිම දෛනික මරණ එකතුව බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Read More

කොරෝනා ව්‍යසනය හමුවේ අඩාල වූ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණෙන් ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍ර යේ දී අද ආරම්භ කෙරුණා.

Read More

මුදල් පනත් කෙටුම්පත තුන්වනවර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දි​න ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 203ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව​ට ලකුණු 204ක ඉලක්කයක් හිමිව ති​බේ.

Read More

ඇතැම් පුද්ගලයන් අධිකරණයට හානි කරන පදනම් විරහිත විවේචන, විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා ගෙන යන බවත් ඇතැම් නඩු තීන්දු සම්බන්ධයෙන්ද හුදු කටකතා පදනම් කර ගනිමින්,සැලසුම් සහගත ලෙස පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට උත්සාහ දරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

දින දෙකකට පෙර මරණයට පත්වු පියා රහසේම භුමිදානය කරලා

Read More

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් එළඹෙන 21 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය සිදුකෙරුණි.

Read More

ජපානයේ ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය 09/07 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ මාස හතක් තුළ වැව් අමුණු 1400 ක් පිළිසකර කිරීමේ වැඩ ආරම්භ කර තිබෙනවා.

Read More

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ අනූ හතර ලක්ෂයකට අධික පිරිසකට මාත්‍රා දෙකම ලබා දී ඇතැයි යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.

Read More

කෝවිඩ් 19 වසංගතය රට තුළ පැතිරෙමින් තිබෙන අවස්ථාවේදී විපක්ෂය පසුගිය මාස 5 කාලයකදී ජනතාව 106,648ක් උද්ඝෝෂණ සඳහා යොමු කර තිබෙන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

අද දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පනත රටේ කළු සල්ලි නිදොස් කොට නිදහස් කිරීම සඳහා ගෙනැවිත් තිබෙන පනතක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

සගවා ඇති වී තොග සෙවීමේ මෙහෙයුම් පාරිභෝගික සේවා අධීකාරිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.

Read More

මුදල් පනත හරහා ආණ්ඩුව ආදයම් හෙළි නොකල වංචනිකයන්ට බදු සමාවක් ලබා දීම හරහා අවංකව බදු ගෙවන පුද්ගලයන්ට රටේ මුලු වැය බර පැටවෙන බවත් එමෙන්ම මෙවැනි බදු සහන හරහා වංචනිකයන්ට සහන ලබා දීමේ ප්‍රතිපත්තියක් නිර්මාණය වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.