තලෙයිමන්නාරම සිට කොළඹ දක්වා ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථයක ආයුධ දමා තිබෙන පෙට්ටිය තුළ සඟවා රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා තලෙයිමන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය.
එම සැකකරුවන් සමග පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ග්‍රෑම් 406 කර බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
යුද හමුදා බුද්ධි නිලධාරීන් ලබාදුන් ලබාදුන් තොරතුරක් මත මන්නාරම පොලිස් වසමේ ජපන් මිත්‍රත්ව පාලම අසලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
සැකකරුවන් දෙදෙනාට එම මත්ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයා ද තලෙයිමන්නාරම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත,තලෙයිමන්නාරම හා නොච්චියාගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 හා 34 අතර පසුවන්නන් ය
මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වෙනුවෙන් සැකකරුවන්ට විශාල මුදලක් ලබා දෙන බව තොරතුරු අනාවරණ වෙමින් පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.