රුපියල් 12,000 බැගින් පොහොර මිටි 3ක් විකුණු තරුණයෙකු පැහැර ගෙන ගොස්, ගස් බැඳ පහර දී රුපියල් පනස් දහසක මුදලක් ලබා ගත් සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පයින්ඩිකුලම, මල්වානේගම, තලාව ලිපිනයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙකි.මෙම තරුණයා තලාව ප්රදේශයේ සිට පැමිණ කහගොල්ල, ගම්මිරිගස්වැව, පරසන්ගස්වැව ප්රදේශයේ ඉඩමක ගොවිතැන් කරමින් සිටි විට ඉඩමට මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු මෙම පහර දීම සිදු කර මුදල් ලබා ගෙන ඇති බව පොලීසිය පවසයි.
මීට පෙර අවස්ථාවකදී , මෙම තරුණයා විසින් ඔහු සතුව තිබූ පොහොර මිටි තුනක්, එක් මිටියක් රුපියල් 12,000 බැගින් වූ මුදලකට සැකකරුවන් හට විකුණා ඇති බවත් පොලිසිය පවසයි.
ගොවිතැන් කරන ඉඩමට පැමිණි සැකකරුවන් තිදෙනා අදාළ තරුණයා මෝටර් රථයක, නංවාගෙන කැලෑ බද ප්රදේශයකට රැගෙන ගොස් ගසක බැඳ පහර දී, මුදා හැරීමට රුපියල් 50,000 මුදලක් ඉල්ලා ඇති බව පොලීසිය පවසයි.
ඉන් අනතුරුව අදාළ තරුණයා තම මවට දුරකථන ඇමතුමක් ලබා දී සැකකරුවන් ලබා දුන් ගිණුම් අංකයකට මුදල් බැර කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ හොත් මරා දමන බවට තර්ජනය කර මුදා හැර ඇතිි බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් මරණ තර්ජනය කිරීම හේතුවෙන් බියට පත් වූ තරුණයා පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරසන්ගස්වැව පොලීසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනු ලබයි.