saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6445 hours ago

LATEST

සීනි ආනයනයට යළිත් අවසර

calendar_today 2021 සැප් 16 - 15:13 remove_red_eye - 456  

සීනි ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා සදහන් කරනවා.

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

Read More

කාබනික පොහොර නිෂ්පාදනය අඛණ්ඩව සිදු කරමින් මහවැලි ඩී කලාපයේ ගොවීන් කාබනික පොහොර ටොන් 5000 ක් නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.

Read More

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරලට රුකුල් දීමට හා කාන්තා ව්‍යවසායකයන් වෙත සහාය ලබාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක (ආසන්න වශයෙන් රු මි 8000) ණයක් ලබාදී තිබේ.

Read More

මේ වන විට දෛනිකව හමුවන 2300 ක ප්‍රමාණයද සෞඛ්‍ය පද්ධතියට බරක් බවත් තවදුරටත් මෙය අඩු විය යුතු බවත් නියෙෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් මර්දන එන්නත්කරණය පිළිබද විශේෂ තාක්ෂණික කමිටුව අද පාසල් දරුවන් එන්නත්කරණය ඇතළු විශේෂ තිරණ රැසකට එළඹිමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ අන්වර් හම්දානි මහතා පැවසීය.

Read More

දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් පූර්ණ කැපවීමක් හෝ හිතාමතාම ක්‍රීඩාංගණයේ දුර්වල ක්‍රීඩා විලාශයක් දැක්වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

තවාන්කරුවන් වෙතින් පැල මිලදි ගෙන ඒවා ගෙවතු වගාවල රෝපණය සඳහා නොමිලේ බෙදාහැරිමට පරිසර අමාත්‍යාංශය තිරණය කර තිබේ.

Read More

GSP Plus සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශ ලේකම්වරයා පවසා සිටියි.

Read More

සංචාරක කාර්මාන්තය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නොකරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් ඉල්ලිමක් ඉල්යි.

Read More

ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ 2021 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකාව සියයට 8ක ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇති බවයි. එය පසුගිය වසරේ එම කාලසීමාව හා සලකා බැලීමේදී සියයට 12.3ක වර්ධනයක් බවද ඔහු පෙන්වා දෙයි.

Read More

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිතුමාගේ ප්‍රශ්නයේදී ජනවරමෙන් පත්වුණු ජනපති ජනතා කැමැත්ත ඇති තීරණයක් ගනීවී යයි අපේක්ෂා කරන බවත් ජිනීවා මානව හිමිකම් සමුළුව යන අවස්ථාවේදී උණු උණුවේම මේ ප්‍රශ්නය එළියට ඒම එතරම් හොද දෙයක් නොවන බව තමන් විශ්වාස කරන බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා අද (16දා) කීවේය.

Read More

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරීන් විසින් මෙම මස 14 වන දින ඔරුගොඩ වත්තේ RCT බහාලුම් අංගනය තුල පිහිටි රේගු බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලදි.

Read More

[LONG READS] එක්සත් ජනපදය විසින් පසුකාලීනව ත්‍රස්තවාදීන් ලෙස වර්ගීකරණය කොට පහරදීමට පටන් ගත් පිරිස මුල් කාලයේදී නඩත්තු කරනු ලැබුවේ එක්සත් ජනපදය විසින්මය.එක්සත් ජනපද රහස් ඔත්තු සේවය වන සී.අයි.ඒ. විසින් සුළි කුණාටුව නමින් නම් කරනු ලැබූ මෙහෙයුම ඔස්සේ මුජහිදීන් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදුන්නේය.

Read More

“ මගේ නමත් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. මම මේ ගැන කිසිවක් දන්නේ නෑ. මම හිටියෙත් නෑ. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා සමග සම්බන්ධ නෑ ඒ වගේම ඔහු ගැන මම දන්නෙත් නෑ”

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් එක්ලක්ෂ දහතුන්දහස් දහතුන්දෙනෙකුට ඊයේ දිනයේ එන්නත්කරණය සිදු කර තිබේ.

Read More

මෙවර IPL තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණවලට පැමිණීමේ අවස්ථාව හිමි වනු ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව සියයට 50 ක ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගණවලට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.

Read More

ශ්‍රී ලංකාව තුළ හා අවට සිදුවන භූ කම්පන මැනීමට පස්වන භූ කම්පන මධ්‍යස්ථානය බස්නාහිර පළාත තුළ ස්ථාපිත කිරීමට මූලික කටයුතු යොදා ති​බේ. විශාල මුදලක් මේ සඳහා වැය කරන අතර දැනටමත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

ගාල්ල නෙළුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදිමට තැත් කිරිම හා ඔහුගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ 1 - 15 දක්වා ප්‍රදේශවල පදිංචිකරුවන් සහ රැකියාවල නිරතවන පුද්ගලයින් සඳහා නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම කොළඹ මහනගර සභාව විසින් අද (15) ආරම්භ කර තිබේ.

Read More

අද (16) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 231කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

මෙරට තරුණ තරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපලවල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ.

Read More

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 965 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට විදේශීය අතපෙවීම්වලට චීනය විරුද්ධ බව ජීනිවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නියොජිත චෙන් ෂූ පැවැසීය.

Read More

කාලයත් සමග කොවිඩ්-19 වෛරසයට එරෙහිව මොඩෙර්නා එන්නතින් ලබාදෙන ආරක්ෂාව අඩුවන බව එම සමාගම නවතම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි.

Read More

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ කටයුතු නවතා ඇත්තේ තාවකාලිකව බවත් පොලොන්නරුවේ මහා සංඝරත්නය හා ගොවි සංවිධාන සමග සාකච්ඡා කර මෙය ඉදිරියට ගෙනි යන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

Read More

තම රටට තර්ජනයක් විය හැකි බලවේගයන්ට පහරදීම සඳහා දුම්රියක් තුළ සිට එල්ල කළ හැකි නව මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි.

Read More

අද සිට බොරැල්ල කැම්බල් පිටියේදි කොවිඩ් ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කර ගැනිම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමට කොළඹ මහනගර සභාව පියවර ගෙන තිබේ.

Read More

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් හමුවීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේදි එම බන්ධනාගාරය වෙත යෑමට නියමිත බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.