කාන්තාවගේ සවිය ෙමරට ආර්ථිකයේ ප්රගමනය සඳහා දායක කර ගැනීමේ අරමුනින් එළැඹෙන ජනවාරි සිට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ අටවන දිනය සඳහා අද (01දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය,
මේ කෝවිඩ් කාලයේ අපට පාසල් දරුවන් වෙනුවෙන් බොහෝ දේ කරන්නට බැරිවුනා. මොකද පාසල් වලට ඇතුලු වෙන්න බැරි නිසා. නමුත් ඔයුන් සඳහා මේ N.V.Q සහතිකයේ මූලාරම්භය නැතිනම් වෘත්තීය පුහුණුවේ මුල් අවබෝධය ලබා දෙන්න පුද්ගලික රූපවාහි ආයතන වගේම රජයේ ආයතනත් එකතු කරගෙන අපි රූපවාහිනී පාටමාපා රාශියක් පටන් ගත්තා. ඒ ක්‍රමවේදය විතරක් නෙවෙයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පළාත් වශයෙන් මාර්ගෝපදේශනය සඳහා විශාල ක්‍රියාමාර්ගයක් ඇති කරන්නට. ඒ සඳහා වෙනම මෙහෙයුම් කමිටුවක් ඇති කරමින් පළාත් මට්ටමින් ජනවාරි 02දා සිට ක්‍රියාත්මක වෙනවා. එහිදී පළාතට තිබෙන සියලුම ආයතන නවීකරණය කරමින්, ඔවුන්ගේ පාඨමාලා යාවත්කාලීන කරමින් ගුරුවරුන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීමත්, ඒ වගෙම මේ දක්වා නොතිබුනු මේ පාඨමාලා ඉගැන්වීම සඳහා පර්යේෂන අත්පොත දෙන්න අපි කටයුතු කරනවා.
අපි හඳුනාගත් එක් කාරණයක් තමයි 52% වඩා ජනගහණයේ ප්‍රතිශතයක් දරණ කාන්තාවගෙන් 38% වඩා අඩු ප්‍රමාණයක් ලබා දෙනවා කියන එක. ලෝක දර්ශකයන්ගෙන් අපි පහලට යාමට හේතුවත් එයමයි. ඉතින් ඒ පිළිබඳව අපි ව්‍යාපෘතියක් අපි සැලසුම් කළා. ඒක ජනවාරි මුල් සතියේදී අපි ජාතික වශයෙන් ආරම්භ කරනවා. එහිදී අපි බලාපොරොත්තු වෙන්නේ කාන්තාව සවිබල ගැන්වීම නෙවෙයි. කාන්තාවගේ සවිය මේ රටේ දියුණුව සඳහා, ආර්ථිකයේ ප්රගමනය සඳහා දායක කර ගන්නයි. රටම බලාගෙන ඉන්නවා මේ රටේ කාන්තාවගේ ශ්‍රම දායකත්වය ලබා දෙනකන්. කාන්තාව සවි ගන්වන්නට වඩා කාන්තාව සවිමත් වූ විට සවිගැන්වෙන්නේ රටක ආර්ථිකය. යනුවෙන්ද සඳහන් කළාය.