ළමුන්ගේ මනස විකෘති කරන පරිගණක ක්‍රීඩා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ එක්වී තහනම් කිරීමට කටයුතු කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර රජයෙන් ඉල්ලා සිටියි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම පරිගණක ක්‍රීඩා මඟින් ළමුන් කිහිප දෙනෙකුම සියදිවි හානිකරගෙන ඇති බවටයි.
ඒ හේතුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර එම පරිගණක ක්‍රීඩා තහනම් කිරීමට කටයුතු කරන ලෙසයි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.