කාන්තාවන් සඳහා බලතල සමිත වෙනම කොමිසමක් පත්කර ඒ හරහා කාන්තාවන්ගේ දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් සුරක්ෂා වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ අටවන දිනය සඳහා අද (01දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර කාන්තාවන් බොහෝමයක් ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලට හසුවී ඔවුන්ගේ ජන ජීවිතය ඉතාමත් පහල මට්ටමකට වැටී තිබෙන බවත්, ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලේ පැටලුනු කාන්තාවන්ගේ සුබසිද්ධිය උදෙසා රජය කඩිනම් පියවරක් ගත යුතු බවත් සඳහන් කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
අපේ රටේ බහුතරයක් අද කාන්තාවන්. දල වශයෙන් කතා කලොත් විවිධ සංඛ්‍යාලේකන වලට අනුව 51.5%ක්. කාන්තාවන් බහුතරයක් තිබෙන රටක කාන්තා සහ දරුවන්ගේ විශය වෙනුවෙන් වෙනම කැබිනට් ඇමති ධුරයක් නොතබීම ගැන අපි බලවත් ලෙස කණගාටු වෙනවා. අපි දකිනවා වර්ථමාන රාජ්‍ය පාලනයේ එවන් කැබිනට් ඇමති ධුරයක් නොතිබීම බරපතල දුර්වලතාවයක් හැටියට. රටක ජීවනාලිය අපේ කාන්තාව. මව, බිරිඳ, යෙහෙලිය, සොහොයුරිය. රටක ජන සමාජයේ ප්‍රධාන පුරුකක් ලෙස අපිට කාන්තාව හඳුන්වන්න පුලුවන්. අඩු මැදි ආදායම් රටක් ලෙස තවදුරටත් ඉහලට යන්න උත්සහ කරන ගමනේ කාන්තාවන්ගේ වටිනාකමට සරිලන ආකාරයෙන් අද අපේ රටේ රාජ්‍ය තන්ත්රය තුල, රාජ්‍ය පාලනය තුල, රාජ්‍ය සේවය තුල නිසිතැන කාන්තාවට ලැබිලා තිබෙනවාද කියන එක අද ප්‍රශ්නයක්. අද කාන්තාවට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.
අපේ රටේ කාන්තාවන්ට ගුණාත්මක භාවයෙන් ඉහල රැකියා ලැබෙන්නේ නෑ. ලැබෙන වැටුප ඉතාම පහල එකක්. පුරුෂ පාර්ශවයට සාපේක්ෂව හිරිහැර රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. කාන්තාවට ආර්ථික කම්පන දරාගැනීමේ හැකියාව පලුදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කාන්තා මූලික පවුල් වලට අද දුෂ්කරතාවය වර්ධනය වී තිබෙනවා. ඒ සඳහා කම්කරු රෙගුලාසි හරහා අවිධිමත් අංශයේ සේවකයන්ගේ ආරක්ෂාව සහතික කරන යෝජනාව අපි ඉදිරිපත් කරනවා. ගෘහ සේවිකාවන් ඇතුලු අවිදිමත් අංශයේ සේවය කරන කාන්තාවන් සඳහාත් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ සංවේදී වැටුප් ප්‍රතිපත්තියක් සහතික කිරීම සඳහා නීති හඳුන්වා දෙන්න ඔ්නී. අපේ රටේ කාන්තාවන් බොහෝමයක් ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලට හසුවෙලා තමගේ ජන ජීවිතිය ඉතාමත් පහල මට්ටමකට වැටිලා තිබෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලේ පැටලුනු කාන්තාවන්ගේ සුබසිද්ධිය උදෙසා මේ රජය ඉතාම ඉක්මනින් පියවරක් ගත යුතුයි.
අපි දකින දෙයක් තමයි එන්න එන්නම කාන්තාවන්ට එරෙහිව ප්රචන්ඩත්වය, හිංසනය අද වර්ධනය වෙමින් පවතිනවා. ඒක එක කාලයක විතරක් නෙවෙයි. කාලයක් පුරාම සිදුවු සිද්ධියක් ලෙස අපි දකිනවා. මේ තත්ත්වයන් තුල අපි වග බලාගන්න ඔ්නී දැඩි නීති රීති ගෙනවිත් කාන්තා ප්රචන්ඩත්වයට, කාන්තා හිංසනයට, දරුවන් අපයෝජනය කිරීමේ ක්‍රියාවන් වලට අපි දැඩි දඬුවම් පමුණුවන්න කටයුතු කරන්න ඔ්නී. විශේෂයෙන්ම කාන්තාවන්ට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන අවස්ථාවන් වලදී ඒ පවතින ක්‍රමවේදය තුල බොහෝ දෙනෙක් මැලිකමක් දක්වනවා මේවා ගැන කතා කරන්න. මේවා ගැන පැමිණිලි කරන්න. ඒ නිසා ප්‍රාදේශීය මට්ටමින් මධ්‍යස්ථාන ආරම්භ කරලා හිංසනයට, ප්රචන්ඩත්වයට ලක්වෙන කාන්තාවන්, දූ දරුවන් සඳහා ලබා දිය යුතු උපරිම රැකවරණය ලබා දෙන්න අපි කටයුතු කරන්න ඔ්නී. කාන්තාව පිළිබඳ වෙනම කොමිසමක් පත් කරලා, ඒ කොමිසමට අදාල බලතල දීලා, ඒ කොමිසම හරහා කාන්තාවගේ දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් සුරක්ෂා වන ආකාරයට ඒ ක්‍රමවේදය සකස් කිරීම යෝග්‍යයි කියන එක මම මේ සභාවට ඉදිරිපත් කරන්න කැමතියි. යනුවෙන්ද සඳහන් කළේය.