මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ලර් මහතා සඳහන් කරයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වූ පිරිස්වලට අද රට පුරාම විරෝධතාවයක් ගොඩ නැගෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. අද(22) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
Read Moreහෙට දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිසරික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් සරථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදොඹගහවෙල පොලිස් වසමට අයත් ඇල්ල ලන්ද ප්‍රදේශයේ කපමින් තිබූ තේක්ක ගසක් අදිමින් සිටි අයෙකුගේ හිස මතට ගසේ අත්තක් වැදීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු (21) වෙනිදා රාත්‍රී මිය ගොස් ඇත.
Read Moreනුවරඑලිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම (22) දින අලුයම මල් තුහිණ පතිත වී තිබුණි.නුවරඑලිය ග්‍රෙගරිවැව පරිශ්‍රය, තුරග තරග පිටිය, ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ වික්ටෝරියා උද්‍යානය, එලවලු වගා භූමි සහ තේවතුවල මල් තුහිණ පතිත වී තිබුණි.
Read Moreඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදි සිදු කෙරිණි.
Read Moreවත්මන් නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරනවා යන්න පිළිබදව අද දිනයේත් මාධ්‍ය කිහිපයක් මගෙන් විමසීම් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය තුළ කුමන ආකාරයේ වාර්තා පළ වුවත් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට සමාජ මාධ්‍ය අදහස් පළ වෙනවා. ඔහු ඉවත් කළ යුතු බවට සමාජ මාධ්‍ය වාර්තා පළ කරනවා.
Read Moreහබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කල ( ජාතිකජනබලවේගය) හර්ෂ පුංචිහේවා මහතා සියධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වි ඇති හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරයේ වැඩ බැලිම සදහා නියෝජ්‍ය සභාපති තක්ෂීන රවිශාන් ගමගේ මහතා පත්කරනු ලැබ තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කල හිටපු අමාත්‍යවරයකුවූ රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්විය. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතින් අද දින (22.01.2026) පත්වීමේ ලිපිය ලබාගත්තේය.ඒ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය.තවද රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැදවුම්කරු ලෙසද පත් කර ඇත.
Read Moreබූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රමේෂ් නමැත්තා රදවා සිටින ඒ කොටසේ අංක විස්ස සිර මැදිරියේ තිබී ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයක් ඇතුලුව බන්ධනාගාරය තුළට ගෙන යාමට තහනම් කොට ඇති ද්‍රව්‍ය තොගයක් ඊයේ(21)සිදු කළ විශේෂ මෙහෙයුමකදී සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreදිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නුවරඑලිය රේන්දපොළ ජනපදයේ පස්වලට යට වී ඇති වාහන කිහිපයක් ගොඩ ගැනීමට සහයෝගය දක්වන ලෙස එම වාහන හිමියන් වග කියයුතු නිළධාරින්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreහබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති හර්ෂ මනෝජ් ගාර්දිය .පුංචිහේවා මහතා (ජාතික ජන බල වේගය)සබාපති ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.
Read Moreතරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය අද ආරම්භ වීමට නියමිතය. පස්වරු 2.30ට ආරම්භ වන මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙයි.
Read More2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
Read Moreඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේදී බාධාවක් බවත්, මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreහෙට (23දා) දින සිට, පවතින වියලි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් අද දිනයේදී දිවයනේ බොහෝ ප්‍ර දේශවල වියළි කාලගුණ තත්ත්වයක ්පවතින බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreබහින්බස්වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
Read Moreකොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත් කෙටුම්පත සඳහා 2026.01.20 දින සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Read Moreශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන CBL සමූහය, ඇමරිකානු ඩොලර් මිලියන 25 කට අධික ආයෝජනයක් සහිතව ඉන්දුනීසියේ විශාලම පොල් සැකසුම් සමාගමක් වන PT Tri Jaya Tangguh Indonesia (TJT) උපායමාර්ගිකව අත්පත් කර ගෙන තිබේ. සමාගමේ සේවක සංඛ්‍යාව 800 කට ආසන්න වෙයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට (21) දින අලුයම මල් තුහිණ පතිත වී තිබුණ අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreබණ්ඩාරගම, ගුංගමුව පදිංචිව සිටි අවුරුදු 15ක දැරිවියක් පසුගිය වසරේ දෙසැම්බර් 19 දින සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ මව විසින් පොලසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. දැරියගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමුකරමින් පොලීසිය ඇය ගැන තොරතුරක් ඇත්නම් දන්වා සිටින්න යැයි ඉල්ලා සිටියි.
Read Moreහැටන් නගර මධ්‍යයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි වෙලදසැලකට පැමිණි පුද්ගලයෙකු රන් මාලයක් මිලදී ගැනිමට අවශ්‍ය බව පවසමින් රු.283000/= වටිනා පවුම් තුන්කාලක් වටිනා රන් මාලයක් මිලදි ගන්නා මුවාවෙන් එම රන් මාලය රැගෙන පලා ගොස් ඇත.
Read Moreමධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා 11 වන බලඇණිය අද (2026 ජනවාරි 21) උදෑසන කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගියේය. මෙම කණ්ඩායමේ අණ දෙන්නා ලෙස ගෲප් කැපිටන් ආසිරි පතිරගේ මහතා කටයුතු කරන අතර, කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව ගුවන් හමුදා සාමාජිකයින් 110 දෙනෙකුගෙන් සමන්විත විය. එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සාර්ථකව අවසන් කල 10 වන බලඇණියේ ගුවන් හමුදා සේවා පුද්ගලයින් 9
Read Moreඑක්දින සංචිතය- චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්‍ෂණ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඒෂාන් මාලිංග
Read Moreධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් මේ වනවිට හඳුන්වාදී ඇත.
Read Moreලබන 23 දා සිට වියළි කාලගුණයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා සබීනා යූසෆ් මහත්මිය 01/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .
Read More2022 වසර තුළ ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර තිබූ නමුත්, රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එය ප්‍රමාද වූ බව සඳහන් වේ.්‍ව්‍යාපෘතියේ මුල් කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 28,002.22ක් වූ අතර, රුපියල අවප්‍රමාණය වීම, වරාය අභ්‍යන්තර මාර්ග සැලසුම් කිරීම සහ මුල් අවස්ථාවේ සම්පූර්ණ ව්‍යාපෘතිය ඇස්තමේන්තුගත නොකිරීම හේතුවෙන් වර්තමානයේ සංශෝධිත කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 68,000ක් ලෙස ගණන් බලා ඇත.
Read More2011 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ආරම්භ කරනු ලැබූ කිවුල් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය ආර්ථික අර්බුදය හේතුවෙන් 2023/12/31 දින සිට තාවකාලිකව නතර කර තිබුණි.
Read More