වරාය ප්‍රවේශ මාර්ගය වසර අවසාානයට පෙර ජනතා අයිතියට
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය දායකත්වය යටතේ, මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ වරාය ප්‍රවේශ මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතියට අදාළ ණය ගිවිසුම 2019 ජනවාරි 17 දින අත්සන් කර ඇති අතර, 2019 සැප්තැම්බර් 10 දින කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව 2019 සැප්තැම්බර් 27 දින ඉදිකිරීම් ආරම්භ කෙරුණි.
2022 වසර තුළ ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර තිබූ නමුත්, රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එය ප්‍රමාද වූ බව සඳහන් වේ.්ව්යාපෘතියේ මුල් කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 28,002.22ක් වූ අතර, රුපියල අවප්‍රමාණය වීම, වරාය අභ්‍යන්තර මාර්ග සැලසුම් කිරීම සහ මුල් අවස්ථාවේ සම්පූර්ණ ව්‍යාපෘතිය ඇස්තමේන්තුගත නොකිරීම හේතුවෙන් වර්තමානයේ සංශෝධිත කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 68,000ක් ලෙස ගණන් බලා ඇත.
මෙම සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා එම ස්ථානයට පැමිණ සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

