saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6327 hours ago

LATEST

ඉන්දීය යුදහමුදා මාණ්ඩලික ප්‍රධානි අද දිවයිනට

calendar_today 2021 ඔක් 12 - 09:00 remove_red_eye - 227  

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා අද (12දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

අද (12) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 169දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඊයේ (11 දා) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව සාර්ථක බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

Read More

ගලේවෙල පොලිස් වසමේ දඹවටවන 1 කලාවැව ගලේවෙල ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබද වාර්තා වෙයි.

Read More

වත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි දර්ශනයක්, වැඩපිළිවෙලක් නොමැති කම නිසා මේ වනවිට රට දැවැන්ත අර්බුදයකට තල්ලූ වී තිබෙන බවත් ලබන වසරේ මැද භාගය වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

Read More

චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ට තුන්වැනි මාත්‍රාවක් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

සතොස සුදුලූනු වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 4ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සිවුදෙනාද සතොස සේවකයන් වෙයි.

Read More

ගෙවි ගිය වසර දෙක තුළ ආණ්ඩුවෙන් සිදුවු අඩුපාඩු වැරදි හා නොවිය යුතුව තිබු දේවල් නිවැරදිව තේරුම් ගනිමින් නිවරැදි තක්සේරුවක සිට කටයුතු කළහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනිම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් විරවංශ මහතා අවධාරණය කරයි.

Read More

’’සීතල කාලගුණය, මිනිසුන් ගෘහස්ථව දේවල් කිරීම, රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔවුන් කෙතරම් හොඳින් ඉදිරියට යනවාද යන්න වැනි බොහෝ සාධක මත ඇමෙරිකාවේ ඉදිරි තත්ත්වය රඳා පවතිනු ඇති’’ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුසි පැවසීය.

Read More

සංවර්ධිත රටවල් වැඩි වශයෙන් කොවිඩ් එන්නත් ගබඩා කර තබා ගැනීම හරහා මිලියන ගණනක එන්නත් තොගයක් සංවර්ධනය වෙමින් පවතින රටවල්වලටද නොමැතිව කල් ඉකුත් විමට වැඩ ඉඩක් පවතින බව නිකී ඒෂියා පුවත් සේවය වාර්තා කරයි.

Read More

2021 ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට සහභාගීවීමට පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තරග සංචාරය අතරතුර දී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරින් අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය.

Read More

’’අපි යුද්ධය ගැන කිසිවෙකු සමග සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා යුද්ධ වළක්වාලීම වැඩි කිරීම අපේ ප්‍රතිපත්තියයි’’ කිම් ජොන්ග්-උන් කියයි.

Read More

රජය අතින් සිදු වී ඇති අඩුපාඩු හා සිදු නොකළ යුතුව තිබූ දේවල් හඳුනාගනිමින් ක්‍රියා කළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගාගත හැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියි.

Read More

ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රී ලංකාවත් එක්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි. Conde Nast Traveler සගරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම් වල දී ශ්‍රී ලංකාව 05 වෙනි ස්ථානය හිමිව තිබේ.

Read More

අද ආණ්ඩුව හරියට කළු කඩයක් වගේ. රටේ ආර්ථිකය ගොඩගන්න ආණ්ඩුවට බැහැ. පළපුරුද්දක්, හැකියාවක්, දක්ෂතාවයක් නැති නායකයෙක් ඇතුළු කණ්ඩායමක් පත්කරපු නිසා හැම ක්ෂේත්‍රයක්ම විනාශ කරලා යැයි සමඟි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අඟුණකොළපැලැස්සේදී පැවැසීය.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දුරකථන සංවාදයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

තවමත් රට කොවිඩ් අවදානමෙන් මිදි නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

Read More

බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජර්මනිය සහ සිංගප්පූරුව යන රටවල් 10ක් අඩු අවදානම් රටවල් ලෙස තායිලන්තය සලකා ඇත.

Read More

බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන්නේ නැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ, කැනියොන් , ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු (11) දින උදැසන සිට විවෘත කර ඇති බවත්, නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

මහ බැංකු බැදුම්කර නඩුව ලබන 25 වනදා යළි කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

Read More

බොහෝ ක්ෂේත්‍රයන්ට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතිනුයේ සාමූහික වගකීම් පදනම් කරගනිමින් ඉටු කෙරෙන කාර්යභාරයක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දුන්නේය.

Read More

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා මහතා පත් කර තිබේ.

Read More

අගමැති මහින්ද රාජපක්ෂ මහතා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ පැමිණි ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර හමුවක් අද 2021.10.11 දින අරලියගහ මන්දිරයේදී මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිට වු කොළඹ - යාපනය ගුවන් ගමන් යළි අරඹන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. ඒ අනුව ලබන මස මැද දී මෙම ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට සැලසුම් කෙරේ.

Read More

රටේ පවතින ප‍්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කළයුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

මෙරටට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

Read More

අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.