ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු නොවන අයෙකු කිසිසේත් ඉදිරිපත් නොකරන බවත් එම අපේක්ෂකයා අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වය තුළින්ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.
මහනුවර ප්‍රදේශයේ දී ඊයේ (09) ඒ බව අවධාරණය කරමින් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය .
“සමගි ජන බලවේගය කිසිම අවස්ථාවක එම පක්ෂයේ සාමාජිකයකු නොවන අයකු පොදු අපේක්ෂකයෙකු හැටියට ඉදිරිපත් කරන්නේ නැහැ . 2015 වසරේදී අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා. එම වසරේදී යහ පාලනයක් බිහි කිරීම සඳහා ගෙනා පොදු අපේක්Iකයා එක්සත් ජාතික පක්ෂයට අත්කර දුන් ඉරණම ගැන මේ රටේ ජනතාවට තාම මතකයි. එම නිසා සමගි ජන බලවේගය නායකත්වයෙන් පමණයි ඊළඟ අපේක්ෂකයා නිර්මාණය වන්නේ.
සමගි ජන බලවේගය පක්ෂය ඕනෑම දේශපාලන පක්ෂයකට විවෘතයි . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂයකට එකතු විය හැකියි. බිඳ වැටුණ රට නැවත ගොඩගැනීම සඳහා එකම වැඩපිළිවෙළක් යටතේ ඔවුන්ට එකතු විය හැකියි .ජනතාවගේ හදවතේ මේ රජය දැන් නැහැ . ව්‍යවස්ථාමය තත්ත්වයක් මත මේ රජය රැකුණත් ජනමතයේ මේ ආණ්ඩුව රැඳී නැහැ.”
ෂේන් සෙනෙවිරත්න