saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 6057 hours ago

LATEST

අද සිට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ

calendar_today 2021 දෙසැ 10 - 10:47 remove_red_eye - 129  

අද (10) සිට දිවයිනේ කිසිඳු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යංශය පවසා සිටියි.

ගෑස් සමාගම්වලින් නව ලේබලය යටතේ නිකුත් කළ ගෑස් සිලින්ඩර වලින්ද අනතුරු වාර්තාවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

එලවළු මිල යලිත් ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. හැටන් මහජන වෙලදපොලේ (10) දින මාලු මිරිස් කිලෝවක් රු 750 ක් සහ අනෙකුත් සැම එලවළු කිලෝවක්ම රු 400 ඉහල මිලකට අලෙවි වන බවත්, තක්කාලි කිලෝවක් රු 400ක් , අමු මිරිස් කිලෝවක් රු 400-450 අතර මිලකට අලෙවි වන බවයි වෙලදුන් කියා සිටින්නේ.

Read More

2020 කඩඉම් ලකුණු අනුව සිසුන්ට අදාළ විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වීමේ අවසන් දිනය 2021 දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

2022 වසර සඳහා වන අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (10දා) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය.

Read More

අද (10) දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවු තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

පන්තිය ආරම්භයේදී, චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වූ පළමු වැනි කාන්තා ගගනගාමියා වන වැන්ග් යාපිං, තම පිරිමි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාගේ සහාය ඇතිව සිසුන්ට මධ්‍යස්ථානය තුළ ඔවුන් ජීවත්වන සහ වැඩ කරන ප්‍රදේශවල සංචාරයක් ලබා දුන්නාය.

Read More

පොදු ස්ථානවල මුඛ ආවරණ නොමැතිව සිටින පිරිස්වලට, දුරස්ථභාවය තබා නොගන්නා පුද්ගලයන්ට එරෙහිව හා සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු නොකරන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට එරෙහිව නඩු පවරව බව ශ්‍රී ලංකා මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

Read More

ලොව පුරා රටවල් 57ක් විසින් වාර්තා කරන ලද ඔමික්‍රෝන් ආසාදිතයන් 1,000කට ආසන්න සංඛ්‍යාවෙන් 46%ක් දැනටමත් දකුණු අප්‍රිකාව ඇතුළු විවිධ අප්‍රිකානු රටවල් 10කින් වාර්තා වේ.

Read More

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ කෝවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) වැඩකටයුතු නවතා දැමූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට කොළඹ නගරයේදී ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පවසා සිටියි.

Read More

කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ද්විත්වය ලබාදී (සම්පූර්ණ මාත්‍රාවෙන් පසුව) මාස තුනක් ගතවන විට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ආරක්ෂිත බව යුරෝපීය සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපා ඖෂධ ඒජන්සිය (EMA) පෙන්වා දෙයි.

Read More

මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට විකල්පයක් වශයෙන් ප්‍රවේශ ස්ථාන හතරකින් යුක්තව ද්විත්ව උමං මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ.

Read More

යාපනය වඩුක්කෝඩ්ඩෙයි පොලිස් වසමේ තෝල්පුරම් ප්‍රදේශයේ නවසක් ඉදිකිරීම සඳහා සවිකර තිබූ පලංචියකින් ඇදවැටී 11 හැවිරිදි දරුවෙකු ඊයේ (08) දින මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය.

Read More

එන්නත් සහ ඖෂධ ඇතුළුව ඇෆ්ගනිස්ථානයට යුවාන් මිලියන 200ක (ඇ.ඩො.මිලියන 31ක) හදිසි ආධාර ලබාදීමේ කටයුතු වේගවත් කරමින් සිටින බවද චීනය පවසයි.

Read More

එළඹෙන වසරේදීත් වාහන ආනයනය නොකිරීම පැනවූ සීමාවන් තවත් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය.

Read More

පාස්කු ප්‍රහාරය පිළිබඳ වැරදිකරුවන්ට දඬුවම් දීම හෝ නිදහස් කිරීමට දේශපාලඥයන්ට ඒකට අත පෙවීමට නොහැකි බවත් එසේ සිදු කරන්නේ නම් එය කැකිල්ලේ නඩු තීන්දුවක් වන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

Read More

’’එන්නත් මාත්‍රා දෙකක් සහිත පළමු ආරක්‍ෂක මාර්ගය තුළ නව ප්‍රභේද හමුවේ යම් අවදානමක් තිබෙනවා. ඒ නිසා ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් එන්නත් මාත්‍රා තුනක් අවශ්‍ය වේ,’’ බයෝඑන්ටෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඔස්ලෙම් පැවසීය.

Read More

ප්‍රියන්ත කුමාර මහතා කෘර ලෙස ඝාතනය කළ පාකිස්තානයේ සියාල්කොට්හි අන්තවාදීන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීමට සියාල්කොට් දිස්ත්‍රික් නීතිඥ සංගමය තීරණය කර තිබේ.

Read More

කොළඹට උදෑසන පිවිසෙන වාහන තදබදය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙත කඩිනමින් සහන සැලසීම උදෙසා අතිගරු ජනාධිපතිගේ උපදෙසින්, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අද දින(09) කොළඹ නගරෙයේ ස්ථාන කිහිපයකන නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී දැනට පවතින වාහන තදබදය අවම කිරීම සදහා ගෙන ඇති පියවරයන්, ගතයුතු ක්‍රියාමාර්ග, පිළිබදව අමාත්‍යවරයා විසින් විශේෂ අවධානය යොමු කරන ලදී. එසේම සංඥා පුවරු, තාක්ෂණික උපකරණ භාවිතය, සහ පොලිස් නිළධාරීන්ග

Read More

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියාල්කොට්හිදී සිදු වූ අමානුෂික පහරදීමකින් ශ්‍රී ලාංකික ඇගලුම් කර්මාන්තශාලා කළමනාකරුවෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ දක්වා එම කර්මාන්තශාලාවේ සේවකයන් 345 දෙනෙකු අත්අඩංගුට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

Read More

2022 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 11 වනදා පැවැත්වීමට අද (09) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, තීරණය කර ඇති බව සභානායක දිනේෂ් ගුණවර්ධන පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දුවන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාරගත් මිසිකොෂි හෙදකි (Mizukoshi Hideaki) මහතා අද (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවේ ප්‍රකාශ කළේය.

Read More

කර්මාන්ත පරිශ්‍රයේ උර්දු භාෂාවෙන් ලියා අලවා තිබූ පෝස්ටර් වල තිබුණ දේ පිළිබඳව පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියවඩන මහතා දැනගෙන නොසිටි බව ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නාන් පවසයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

සීතාවක සිට පෑලියගොඩ දක්වා ප්‍රදේශය තුළ කැළණි ගඟ අපවිත්‍ර කරන ස්ථාන 1374ක් හඳුනාගෙන තිබෙනවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ගැටලු කිහිපයක් සඳහා නිසි විසදුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේ දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන් Kandy Warriors කණ්ඩායම විසින් සිය සංචිතයට ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.