ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල අසල පිහිටි ගෝඨාගෝගම අරගල භූමියට දිවයිනේ නන් දෙසින් අදත් (16) විශාල ජනතාවක් එක් රැස්ව තිබේ.
ඔවුන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධතා සටන් පාඨ කියමින් මෙම අරගලයට එක්ව හිඳියි.
අද අරගලයේ 08 වැනි දිනය වන අතර ආරම්භයේ සිට මේ දක්වා විශාල ජනතාවක් මේ සඳහා තම දායකත්වය ලබා දෙමින් මෙම ස්ථානයට අඛන්ඩව පැමිණෙනු දක්නට ලැබෙයි.



