ගිනිගත්හේන පොලිස් වසමේ ගලපොතුයාය ප්රදේශයේ නිවසක නිසි අවසර පත්රයක් නොමැතිව නීති විරෝධීව ගෑස් සිලින්ඩර් තොගයක් සඟවා සිටි පුද්ගලයෙකු ගිනිගත්හේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිනිගත්හේන පොලිසියට ලද තොරතක් අනුව පොලීසිය විසින් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ද කැඳවා ඔවුන්ගේ සහය ඇතිව අදාල නිවස පරීක්ෂා කර ඇති අතර එහිදි සඟවා තිබු විවිධ ප්රමාණයේ ලිට්රෝ වර්ගයේ පුරවන ලද ගෑස් සිලින්ඩර 230ක් සහ හිස් ගෑස් සිලින්ඩර් 03ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් ගෑස් පුරවන ලද සිලින්ඩර් අතර කිලෝ ග්රෑස් 12.5 ප්රමාණයේ ගෑස් සිලින්ඩර් 177ක්, කිලෝ ග්රෑම් 5 ප්රමාණයේ ගෑස් සිලින්ඩර් 28ක්, කිලෝ ග්රෑම් 2.4 ප්රමාණයේ ගෑස් සිලින්ඩර් 25 සහ 12.5 හිස් ගෑස් සිලින්ඩර් 03ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සම්බන්ධයෙන් නඩු ක්රියාමාර්ග එලැඹෙන 19 දින හැටන් මහේස්ත්රාත් අධිකරණයේ කැඳවීමට නියමිත බවත් ඉදිරි නීතිමය කටයුතු පාරිභෝගික සේවා අධිකාරිය මගින් සිදුකරනු ලබන බවත් පොලීසිය සඳහන් කරයි