ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සියළුම ඉන්ධන බවුසර් අදාල පර්යන්ත හා ඩිපෝ වෙත කඩිනමින් වාර්තා කරන ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ.
ඉදිරි දින කිහිපයේදී ඉන්ධන බෙදාහැරීමේ ක්රියාවලිය කාර්යක්ෂම කිරීමට කටයුතු යොදා ඇති බවත් ලබන සඳුදා දින වනවිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බවත් ඔවුන් සඳහන් කරයි.
මේ අතර ඩීසල් මෙට්රික් ටොන් 41දහසක් සහ පෙට්රල් මෙට්රික් ටොන් 37,500ක් රැගත් නෞකා දෙකක් මේ වනවිට මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති බවත් වාර්තා වෙයි.