කොළඹ කොටස් වෙළඳපල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සඳහන් කරනුයේ එලැඹෙන සඳුදා (18) දින සිට බලපැවැත්වෙන පරිදි දින පහක කාලයක් සඳහා කොළඹ කොටස් වෙළඳපල තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බවයි.
කොටස් වෙළඳපලෙහි අධ්යක්ෂ මණ්ඩලය විසින් ඊයේ (15) රටේ වත්මන් තත්ත්වය සඳහන් කරමින් කොටස් වෙලඳපල තාවකාලිකව වසා දැමීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පති කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණි.
එමෙන්ම කොළඹ කොටස් තැරව්කරුවන්ගේ සංගමය ඇතුලු කොටස් වෙළඳපලට සම්බන්ධ පාර්ශව ගණනාවක් ද එම ඉල්ලීම සිදුකර තිබුණු බවද සඳහන්.
මේ පිලිබඳව අවධානය යොමුකරමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති කරුනු සලකා බලා රටේ වත්මන් තත්ත්වය කොටස් වෙළඳපලට ඇති කල හැකි බලපෑම හා සුරැකුම්පත් වෙළඳාම සඳහා විධිමත් හා සාධාරන වෙළඳපලක් පවත්වාගෙන යාමේ හැකියාව ඇගයීමට ලක් කරමින් ආයෝජකයන්ට මෙන්ම අනෙකුත් වෙලඳපල සහභාගිවන්නන්ට දැනුවත් ආයෝජන තීරන ගැනීම සඳහා දැනට පවතින ආර්ථික තත්ත්වයන් පිලිබඳව වඩාත් පැහැදිලි බවත් සහ අවබෝධයක් ලබා ගැනීමේ අවස්තාවක් ලබා දෙන්නේ නම් එය ඔවුන්ගේ යහපතට හේතුවක් විය හැකි බවයි.
එම නිසා 2021 අංක 19 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සබා පනතේ අංක 30 වැනි වගන්තේ අඩංගු විධිවිධාන අනුව ක්‍රියාකරමින් 2022 අප්‍රේල් 18 වැනි දින සිට ආරම්භ වන ව්‍යාපාරික දින පහක කාලයක් සඳහා කොටස් වෙළඳපල තාවකාලිකව වසා දැමීමට කොළඹ කොටස් වෙළඳපල වෙත නියෝග කිරීමට විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත.