රටට මේ වනවිට අවශ්‍යව ඇත්තේ වංචාවෙන් දූශනයෙන් තොර ආර්ථික සංවර්ධනයක් කරා ගෙන යාහැකි ආණ්ඩුවක් බවත් එය සිදුකල හැක්කේ ජාතික ජනබලවේගයට පමණක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
අද (17) බේරුවල නගරයේ සිට කොළඹ බලා ගමන් ආරම්භ කෙරෑ පාගමන අතරතුර මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.
&දැන් අපි කලයුතු වන්නේ විරෝධයෙන් එහාට ගිහිල්ලා මේ රටේ ආර්ථික සංවර්ධනයක්, නීතියේ ආධිපත්‍යක් වංචාවෙන් දූශණයෙන් තොර ආණ්ඩුවකුත්, වංචාවෙන් දූශනය කරන ලද දේපල පවරා ගන්නා ආණ්ඩුවකුත්, වංචනිකයන්ට දූශිතයන්ට දඬුවම් දෙන ආන්ඩුවකුත් අපි ගොඩනගාගත යුතුයි.
ඒ නිසා ජාතික ජනබලවේගය පුළුල්තම වේදිකාව හදලා තියනවා ඒකට අවශ්‍ය ජනතා පෙලගැස්ම අවශ්‍ය නිසා තමයි අදදින මෙම පාගමන අපි ලෑස්ති කරලා තියන්නේ.*