saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 5973 hours ago

LATEST

මහ බැංකුව රන් සංචිතයත් විකුණන්න යනවා - හර්ෂ

calendar_today 2022 ජන 06 - 11:38 remove_red_eye - 789  

විදෙස් සංචිතය තුළ තුළ පවතින ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2ක් වන රන් සංචිතය හෝ ඉන් කොටසක් අලෙවි කිරිමට සූදානම් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රශ්නාර්තයක් සහිතව ප්‍රකාශ කරයි.

පවතින ගෑස් අර්බුදය පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමට උරණ වී ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රාදේශීය කළමනාකාර වරයා දින දහයක පමණ සිට මත්තෙගොඩ ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකුට ගෑස් ලබා නොදීම හේතුවෙන් දර ලිපක් හෝ ඉදිකරගැනීමට ඉඩකඩ නොමැති මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවාස 1500ක පදිංචි පන් දහසකට අධික ජනතාවක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි පැවසේ.

Read More

සමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා, දිනලා, ජනාධිපතිත්වෙලා ඉවරයි. දැන් සමහර අයට බලය තියෙනවා කියලා උඩින් යන ගතියක් ඇවිල්ලා. ජනතාව දැන් ඉන්න තත්ත්වය අනුව ඊළඟ අවස්ථාවේ රැවටිලා ඡන්දේ දෙයිද කියලා විශ්වාසයක් නෑ. මොන අඩුපාඩු තිබුණත් ඡන්දෙ කාලෙට සල්ලි දීලා, කන්න දීලා බෙදන්න තියෙන ඔක්කොම දෙයි. හැබැයි ඉතින් බෙදන්න තියෙන ඔක්කොම බෙදලත් 2015 මම දිනුවේ ඇල් වතුරවත් දෙන්නේ නැතිව.එහෙම ජනතාව තීන්දු ගත්ත වෙලාවල් තියෙනවා.

Read More

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශීය වනඅලියෙකු පැය විසි 24 පුරා ප්‍රධාන මාර්ගයට පිවිස යන එන වාහන වලින් ලබාදෙන ආහාර ගැනීමට පුරුදු වී සිටීම නිසා විශාල අනතුරක් ඉදිරියේදී සිදුවිය හැකි බව මාර්ගයේ ගමන්කරන්නෝ පවසති.

Read More

අපි මේ වෙලාවේ විපක්ෂයේ ඉන්න අයත් එකතු කරගෙන සම්මුතියක් ඇතිකරගෙන රට මුහුණ දීලා ඉන්න පළල් එකඟතාවක් ඇති කර ගන්නා වෙලාවක්. එහෙම අවස්ථාවක ඉන්න අය එළියට දැමීම නෙමෙයි කළ යුත්තේ. එළියේ ඉන්න අයත් එකතු කරගෙන හැකිතාක් එකඟතාවයකින්, ජාතික සම්මුතියක් ඇතිකරගෙන මේ අර්බුදයෙන් ගොඩ ඒමට රටට අවශ්‍ය මැදිහත්වීම කරන එකයි.

Read More

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Read More

ධීවර යාත්‍රා උපයෝගී කරගෙන මුහුදු මගින් මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අණාවරණය කර ගෙන තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක්ද රුපියල් එක්කෝටි 40 ලක්ෂයකට අධික මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

’’ඔබේ රටේ ආසාදිත සංඛ්‍යාව ඉතා කුඩා නම්, එම සංඛ්‍යාව තවදුරටත් අඩුවෙන් තබා ගැනීමට ඔබ ආයෝජනය කිරීම (දින 14ක නිරෝධායනය හා මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වා ගැනීම) වඩා හොඳයි.’’ WHO හි කොවිඩ්-19 සිදුවීම් කළමනාකරණ සහායක කණ්ඩායමේ අබ්දි මහමූද් පැවසීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ මල්වතු - අස්ගිරි මහානායක, අනුනායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 550ක් හඳුනාගෙන තිබේ. මෙම ආසාදිතයන් අතර විදේශයන්හි සිට පැමිණි 02නෙක්ද වෙයි.

Read More

ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩක, සර්බියානු ජාතික නොවැක් ජොකොවික් එලැඹෙන ජනවාරි 17දා ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එන්නත් නීතිවලින් නිදහස් කිරීමක් සිදුවේවිද යන්න ගැන රට තුළ ආන්දෝලනයක් ඇති වී තිබේ.

Read More

මේ මුදල් වර්ෂය සඳහා මුදල් සම්පාදනය කරන ආකාරය සහ වියදම් කරන ආකාරය පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර අනුමැතියක් ගෙන තිබියදී හදිසියේ වැටුප් වැඩි වැඩිකිරීම කිරීම සහ අනෙකුත් දීමනා සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද කියා දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවට තිබෙන බව ජාතික ජන ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි .

Read More

නියම කර ඇති බස් ගාස්තු වලට වඩා වැඩියෙන් අය කරන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි 1955 වෙත දැනුම් දෙන ලෙසත්, ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත් වැඩි මුදල් අය කරන බස්රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Read More

ප්‍රභේදය තවමත් වෙනත් රටවල හඳුනාගෙන හෝ WHO විසින් විමර්ශනය කෙරෙන ප්‍රභේදයක් ලෙස ලේබල් කර නොමැත.

Read More

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන කොරියානු ජාතිකයන්ටද කිසිදු වෙනසකින් තොරව එන්නත ලබා දීම දැඩි ඇගයීමකට ලක් කරන බවත් එවැනි පසුබිමක ශ්‍රී ලංකාව ක්‍රියා කිරීම අනෙකුත් රටවලින්ද ඇගයීමකට ලක්විය යුත්තක් බව තානාපතිවරයා පැවසීය. විශේෂයෙන් ශ්‍රී ලංකාව හා කොරියාව අතර දැඩි මිත්‍රත්වයක් පවතින බවත් එය දෙරටටම වැදගත්වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

Read More

ඉන්දියාවේ මෙවැනි මාර්ග අනතුරු සුලභව වාර්තා වන්නේ මාර්ගයන් හි පවතින අබලන් තත්ත්වයන් මෙන්ම, රිය ධාවනයේ නොසැලකිලි තත්ත්වයන්ද හේතුවෙනි.

Read More

සතොස ඉතිහාසයේ ප්‍රථම වතාවට බිලියන 41ක වෙළදපොළ පිරිවැටුපක් ලබාගෙන දිවයිනේ දැවැන්ත සිල්ලර අලෙවි ජාලය බවට පරිවර්තනය වීමේ වගකීම ඉටුකර ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

Read More

’’ජනාධිපතිවරයා වශයෙන්, අපගේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සාමය ආරක්ෂා කිරීමට, කසකස්තානයේ අඛණ්ඩතාව ගැන සැලකිලිමත් වීමට මා බැඳී සිටිනවා’’ කසකස්තාන ජනපති රුසියානු භාෂාවෙන් කසකස්තාන රූපවාහිනිය හරහා ජාතිය අමතමින් පැවසීය.

Read More

බංග්ලාදේශය පසු කරනු ලැබූ පසුගිය වසර 50ක කාලය තුළදී රටේ ආර්ථික සංවර්ධනය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් වී ඇති බව රහසක් හෝ අතිශෝක්තියක් නොවේ. මුජීබ් විසින් හඳුන්වා දෙනු ලැබූ ආර්ථික ප්‍රතිපත්තිය කාලානුරූපීව වෙනස්වන වෙළෙඳපොළ හඳුනා ගනිමින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා මූලිකත්වය දී ඇත. එය ශක්තිමත් ආදායම් වර්ධනයකට දායක වී ඇති අතර එමගින් යටිතල පහසුකම් මෙන්ම මානව සම්පත්වල දියුණුව සහ සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීම සඳහා සැලකිය යුතු මට්ටමකින් ආයෝජනය

Read More

මේ රටේ රාජ්‍ය බුද්ධි සේවයක් කියලා එකක් තියෙනවා. එයින් එන තොරතුරු ආණ්ඩුව පිළිබඳව වෙන්න පුළුවන්, රටේ ආරක්ෂාව ගැන වෙන්න පුළුවන්. විකල්ප ආණ්ඩු තැනීම් සම්බන්ධ වෙන්න පුළුවන්. දේශපාලන වාතාවරණය ගැන වෙන්න පුළුවන්. ඒ හා බැඳුණ තොරතුරු රාශියක් හේතුවෙන් තමයි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ඉවත් කිරීම සිදු කරන්නේ.

Read More

මෙරට දුගී දුප්පත් ජනතාව ඇතුළු සෑම මට්ටමකම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කරන සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් මගින් රට ගොඩනැගීම සමගි ජන බලවේගයේ දිගුකාලීන ආර්ථික දැක්ම බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.

Read More

ලබන සිකුරාදා දිනයේ සිට අවුරුදු 12-15 අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත්කරණනය ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලබන සඳුදා සිට සියලුම පාසල්හි 1 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණි ආරම්භ කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන් මහතා අද (05) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අතර චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතාගේ නව වසර සඳහා වන සුබ පැතුම් පනිවුඩය, කථානායකවරයා වෙත පිළිගැන්වීමද සිදුවිය.

Read More

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරාද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.

Read More

නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල් ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (5දා) අනාවරණය කළේය.

Read More

විවාහ වීමෙන් පසුව සිය බිරිඳගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රන්මාල කොල්ල කෑ අයෙකු යාපනය වඩුක්කොඩ්ඩෙයි අරියාලෙයි ප්‍රදේශයේදී අද (05) දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පැවසීය.

Read More

ශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ සෛවරී බැඳුම්කරය ගෙවීමට අවශ්‍ය ඇමෙරිකානු් ඩොලර් මිලියන 500ක මුදල වෙන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි. මෙම බැඳුම්කරය ජනවාරි 18 දා කල් පිරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කාබනික ආහාර සාම්පල් පරීක්ෂා කිරීම සදහා වූ අයි.එස්.ඕ. සහතිකය ලත් රසායනාගාරයක්, කන්තලේ ප්‍රදේශයේදී ස්ථාපිත කිරීමට නියමිතය.

Read More

මාළිගාව පරිශ්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබිණ. ජනතාව සමග කතාබහ කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.