ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ යාපනය පලාලි මාර්ගයේ පිහිටි ඊ.පී.ඩී.පී. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
යාපනය දිස්ත්‍රීක් තරුණ සංගම් හා ප්‍රදේශවාසී ජනතාවද මෙම විරෝධතාවය වෙනුවෙන් සහභාගී වී සිටි අතර විරෝධතා කරුවන් විසින් ඊ.පී.ඩී.පී. ප්‍රධාන කාර්යාලය වටලා ආණ්ඩුවට ඇතුලු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට එරෙහිව විරෝධය පෑහ.
විරෝධතාවයේ නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ
‘වත්මන් ආණ්ඩුව විසින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු කිසිවක් විසඳීමට අපොහොසත් වූවා සේම සමස්ථ රට වැසියාම මේ වන විට දැඩී පීඩාවන්ට පත් කිරීම හේතුවෙන් වහාම සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බවටය.
එමෙන්ම ධීවර අමාත්‍ය වරයා වශයෙන් සිටි ඩග්ලස් දේවානන්ද විසින් ධීවර ජනතාවටද විසඳුමක් ලබා දීමට අපොහොසත් වූ අයෙක් සේම දෙමළ ජනතාවගේද ගැටලු වෙනුවෙන් පෙනී නොසිට අයෙකු බැවින් ඔහුද අමාත්‍ය ධූරයෙන් වහාම ඉවත්විය යුතු බවයි පැවසීය.
