ඉන්ධන ලබාගැනීම සඳහා දින තුනක් පෝලිම්වල වාහන රඳවා ගෙන සිටියත් අද දිනයෙත් ඉන්ධන නොලැබුන බව පවසමින් බස් හා ලොරි රථ වල සේවකයන් පිරිසක් බදුල්ල මයිලගස්තැන්න පිහිටි (සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් මිනරල් ලිමිටඩ්) ඉන්ධන තොග ගබඩාවේ ඉදිරි දොරටුව අවහිර කරමින් අද (5දා) සවස උද්ගෝෂණයක නිරත විය.
පොලිසිය පැමිණ උද්ගෝෂණකරුවන් කීපදෙනෙක් ඉන්ධන තොග ගබඩාවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් සමග සාකච්චාවකට යොමු කළේය .
මෙහිදි ඉන්ධන ටැංකි පරීක්ෂා කිරීමටද කටයුතු කෙරිණි.
බදුල්ලේ පාලිත ආරියවංශ
අද දිනයේ කිසිසේත්ම ඉන්ධන නොලැබෙන නමුත් හෙට (6දා) දිනයේ එම සියළු වාහන වලට ඉන්ධන ලබාදෙන බවට නිලධාරින් දුන් පොරොන්දුවෙන් පසු රියදුරෝ සාමකාමී ලෙස විසිරි ගියහ .

