ලොකුගේ නිවසට ගල් වරුසාවක්
ගාමිණී ලොකුගේ මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ (04දා) සවස රැස්වූ පිරිස රෑ බෝ වත්ම නිවස දෙසට ගල් මුල් ප්රහාර එල්ල කරමින් කලහාකාරි ලෙස හැසිරෙන්නට වීමත් සමගම පොලිස් කැරලි මර්දන ඒකකය නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවීමට පියවර ගත්හ.
රැස්ව සිටි පිරිස රතිඤ්ඤා දල්වා නිවස පිහිටි වත්තට විසි කරනු දක්නට ලැබිණි.
තවද පොලීසිය දෙසට විරෝධතාවේ යෙදුණු පිටත ගල් මුල් ප්රහාර එල්ල කරන්නට වූ අතර පිලියන්දල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගේ හිසට ගල් ප්රහාරයක් එල්ල වී තුවාල සිදුවි ලේ ගලන්නට විය.
පිලියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පපුවට ගල් ප්රහාරයක් එල්ල වූ අතර තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ගල් ප්රහාර එල්ල වුවත් ඔවුන්ට තුවාල සිදු නොවීය.
නිවසේ වම්පස දෙසින් තිබෙන අතුරු මාර්ගයේ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් වළල්ලක් ආකාරයෙන් එම මාර්ගයට ඇතුළුවීමට ඉඩ නොදී ආරක්ෂාවට යොදවා තිබූ අතර එම ආරක්ෂක වළල්ල ද බිඳගෙන ඉදිරියට ගිය උද්ඝෝෂණ කරුවෝ නිවසට ගල් මුල් ප්රහාර එල්ල කිරීමත් සමගම පොලිසිය අවස්ථා කීපයක දී කඳුළු ගෑස් ප්රහාර එල්ල කළ පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේය.
එම ගල් ප්රහාරවලින් නිවස අසල තිබෙන කාර්යාලයට අලාභ සිදු වී තිබිණි.
පසුව නැවත වතාවක් පිරිස නිවස ඉදිරිපිටට පැමිණ එහි වම්පස සවිකර තිබූ විශාල බැනරය ඉරා දමා කොට්ටාව පිළියන්දල මාර්ගය මැද දමා ගිනි තැබූහ.
රාත්රි 10 පසු පැය පහකට අධික කාලයක් වනතුරු එම ස්ථානයේ රැඳී සිටි පිරිස ට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අවවාද කරනු දක්නට ලැබිණි.
පසුව පිරිස එම ස්ථානයෙන් ඉවත්ව නොගිය බැවින් යුද හමුදාවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසට පහරදී පලවා හරිනු ලැබීය.
විරෝධතාකරුවන් එල්ල කරන ලද ගල් විශාල ප්රමාණයක් ගාමිණී ලොකුගේ මහතාගේ නිවස පිහිටි භූමියේ තැන තැන වැටී තිබිණි.




popular news
-
Nandana Tuesday, 05 April 2022 09:15 AM
Aparede e mahalu maussaya hondatama baya wela athi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

