යුද හමුදාපති පොලිස්පතිගෙන් කළ ඉල්ලීම
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර ඇති බව යුද හමුදාව පවසයි.
ඒ සම්බන්ධයෙන් වහාම කටයුතු කරන බව පොලිස්පතිවරයා යුද හමුදාධිපතිවරයාට දැනුම් දී ඇතැයිද යුද හමුදාව පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුවරයා විසින් ද මේ බව පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා ඇති අතර ඒ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි.
popular news
-
Aruna Manipura Wednesday, 06 April 2022 06:05 AM
මෙතැන වැරැද්ද කලේ කව්ද? අපි දැක්ක විදියට පොලිස් නිලධාරීන් මහා විනාශයක් වලක්කුවා. අංක තහඩු නැති මෝටර් සය්කල් ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕනේ යුධ හමුදාව පිළිබඳව. මොකද යුදහමුදාපති පිළිඅරන් තියනවා ඒ අය හමුදාවේ කියලා. පොලිස් නිළදාරින්ට අසාධරණයක් නොවෙන්න අපි සැවොම බලාගන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

