saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5902 hours ago

LATEST

හිටපු හයිටි ජනපති ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු අල්ලයි

calendar_today 2022 ජන 15 - 16:15 remove_red_eye - 219  

සුප්‍රසිද්ධ හයිටි දේශපාලනඥයෙකු වන ජෝන් ජොයෙල් ජෝසප් සිකුරාදා ජැමෙයිකාවේදී අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පවසයි.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් යුද හමුදාව විසින් එන්නත්කරණ මධ්‍යස්ථාන 20ක් ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දැමීමෙන් පසු උගන්ඩාවේ පාසල් ජනවාරි 10 වැනි දින නැවත විවෘත කරන ලදී.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 160ක් සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියයි. සාම්පල 182ක් අතරින් මෙම ආසාදිතයන් 160 හමුවී තිබේ.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීම වෙනුවෙන් අවශ්‍ය ඩීසල් තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදීම හේතුවෙන් අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

Read More

ශ්‍රී ලංකවේ හරිත සංවර්ධන කටයුතු සඳහා චිනයේ බීජින් නුවර පිහිටා ඇති ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් සඳහා ශ්‍රී ලංකාව ඉල්ලුම් කර ඇති බව වාර්තා වෙයි.

Read More

ප්‍රකාශයට පත්කර ඇති මිළ ගනන් සැහැල්ලු වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම මිල රුපියල් 100යි, මීරිගම සිට යග්ගපිටිය දක්වා රුපියල් 250ක මුදලක්, දෙවැනි පංතිය රෝද හය අවම ගාස්තුව රුපියල් 150යි (අන්තර්හුවමාරු දෙකක් අතර) උපරිම ගාස්තුව රුපියල 350යි. ඇක්සල් 3ට වැඩි වාහන සඳහා අවම ගාස්තුව රුපියල් 150යි, උපරිම ගාස්තුව රුපියල් 550යි.

Read More

අද දිනයේදී දිවයිනේ බෝහෝ ප්‍ර දේශවලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 සඳහා එන්නත් ලබාගෙන නොසිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ප්‍රජාවට අවදානමක් විය හැකි බව පවසමින් ඔස්ට්‍රේලියානු රජය සිකුරාදා දිනයේ ඔහුගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගු කළේය.

Read More

කොළඹ වරායේ මාස කීපයක් තිස්සේ විදේශ රටවලින් ගෙන්වා ඇති පොල්තෙල් මෙට්‍රික් ටොන් දොළොස් දහසක් පමණ රඳවාගෙන රජය හා ජනතාව රවටා ඉතා සූක්ෂම ලෙස රුපියල් මිලියන 1500 ක බදු වංචාවක් සිදුකිරීමට පෞද්ගලික ආයතනයක් සූදානමින් සිටින බව සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදක වරුන්ගේ සංගමය හෙළිදරව් කර සිටිති.

Read More

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් සොයා ගත් බෝම්බය එම ස්ථානයේ තබන ලද්දේ එම දේවස්ථානයේ සේවය කළ සේවකයා බවට පැහැදිලි සාක්ෂි ඇති බවත් දෙවස්ථානයේ පුද්ගලයන්ට අඩන්තේට්ටම් කළ බවට වන චෝදනා ප්‍රතික්සේප කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය,ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

Read More

’’අපගේ පරිපාලනයට නොගැලපෙන බව බැලූ බැල්මට පෙනෙන වර්ණයකින් මුඛ ආවරණ මිලදී ගැනීමට හේතුව අපට තේරෙන්නේ නැහැ’’ ඉතාලි පොලිස් සංගමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ලිපියක් යවමින් ලියා ඇත.

Read More

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ට තරා තිරම නොබලා නීතිය අනුව කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පැවැසීය.

Read More

ලෝක ආර්ථික සංසදයේ වෙබ් අඩවියට අනුව, ජනවාරි 17දා සිට 21දා දක්වා පැවැත්වෙන පැවැත්වෙන 2022 අතථ්‍ය සමුළුවට ලෝකයේ රාජ්‍යයන් සහ රජයේ ප්‍රධානීන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ අනෙකුත් නායකයින් සම්බන්ධ වෙති.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළිත් සේවයේ පිහිටුවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය යළිත් අවසන් කර තිබේ.දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ එක්දින සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එය අද අවසන් කෙරිණි.

Read More

මීට පෙර සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ දෙසැම්බර් 20 වැනි දින වනවිට එරට තුළ ආසාදිතයන්ගෙන් 28%ක් පමණක් ඔමික්‍රෝන් ආසාදිතයන් බවය. මේ තත්ත්වය තුළ වෛරය වඩාත් වේගයෙන් ඉතාලිය ආක්‍රමණය කරන බව පැහැදිලි වී තිබේ.

Read More

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල වී අදට දින 1000ක් සම්පුර්ණ වීම වෙනුවෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දෙවියන්ට කන්නලව් කිරීමේ දේව මෙහෙයක් අද(14දා) පෙරවරුවේ තේවත්ත, ලංකා අප ස්වාමී දූ ජාතික බැසිලිකාවේදී පැවැත්විණි.

Read More

මෙම වාර්තා ගැන විමසූ විට ජොන්සන්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ’’මෙය ජාතික වශයෙන් ශෝක කාලයකදී සිදුවීම කණගාටුවට කරුණක් වෙනවා, අංක 10 (ඩව්නිං වීදියේ අගමැති නිල නිවස) මාලිගයෙන් සමාව ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අද(14දා) ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානය ආසන්නයේදි සංඥා ලබා නොදීම නිසා විනාඩි 30 පමණ කාලයක් දුම්රිය ස්ථානයට නුදුරින් නතර කර තිබු අතර,පසුව එම දුම්රිය පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන් කොටගල දුම්රිය ස්ථානය වෙත ධාවනය කර තිබේ.

Read More

බලාගාර පවත්වාගෙන යෑම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක් බැගින් දිනකට ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.

Read More

2022 වර්ෂය වෙනුවෙන් ලංකා සතොස හරහා සහන මිලට භාණ්ඩ මල්ලක් ලබාදීමට කටයුතු කරන බවත් එය අද (14දා) සිටම ක්‍රියාත්මක කරන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

වැඩ වර්ජනය අවසන් කර සුළු වේලාවකින් නැවතත් හදිසි වැඩ වර්ජනයක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් අරඹා තිබේ.ඒ එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙනි.

Read More

පාකිස්තානයෙන් ආනයනය කරන ලද බිට් රූට් තොගයක් දින කිහිපයක සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉතා හොර රහසේ අලෙවි කළ බව වෙළෙන්දෝ පවසති.

Read More

විවිධ ප්‍රදේශයන් සිට කොළඹ නගරයට පැමිණ සේවය කරන පුද්ගලයිගේ තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද(14දා) සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

2020 අගෝස්තු 31 වැනි දිනට වාර්තා කර ඇති පරිදි රජයේ ආයතන සතුව අපහරණය කිරීමට වාහන 5430ක් සහ අලුත්වැඩියා කිරීමට වාහන 4073ක් පැවතුණු බවද සඳහන් වේ. නමුත් 2021 දෙසැම්බර් 15 වැනිදා එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය විසින් ලබාගෙන ඇති අතර, අපහරණය කර ඇත්තේ වාහන 620ක් පමණක් බවත්, අලුත්වැඩියා කර ඇත්තේ වාහන 844ක් පමණක් බවටත් වාර්තා වී තිබේ.

Read More

හින්දු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛපොංගල් උත්සවය අද(14දා) වන දිනට යෙදි තිබු අතර එම තෛපොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හින්දු ජනතාව කටයුතු කරන ලදි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 24ක සංඛේත වැඩ වර්ජනය අවසන් කර තිබේ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවැනි අදියර (ඇතුගල්පුර පිවිසුම) හෙට (15දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

චීනයේ දිගු කාලීන මෙන්ම ශක්තිමත් ආර්ථික මෙහෙයවීම සහ නිරන්තර වැඩිදියුණු කරන ලද ව්‍යාපාරික පරිසරය විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණයට හේතු වී ඇති නිසා FDI හි ශක්තිමත් වර්ධනයක් ඇති වූ බව වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති ජාත්‍යන්තර වෙළඳ හා ආර්ථික සහයෝගිතා පිළිබඳ චීන ඇකඩමියේ පර්යේෂක ෂැං ජියන්පින් පැවසීය.

Read More

අපේ ශ්‍රේෂ්ඨ ජාතිය මුහුණ දෙන නව ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා අනාගත හමුදා නායකයන් අතර, නායකත්ව ගුණාංග වර්ධනය කිරීමට අවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.