2022 ආරම්භයේදී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක් ඇති බවට පෙන්නුම් කලත් මේ වසර සඳහා සැබෑ අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6ක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3ක් බවත් පසුගිය රජයේ පොලී අනුපාත වැඩි වීම හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 4ක් බවත් අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 2.4ක් එය දල දේශිය නිෂ්පාදනයෙන් සියයට 13ක් බවත් අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200ක් බවත් මැයි මස දෙවන සතිය වන විට එයින් රුපියල් බිලියන 1950ක් වියදම් කර ඇති බවත් මේ අනුව ඉතිරිය ඇත්තේ රුපියල් බිලියන 1250ක් බවත් ඔහු පැවසීය.
එමෙන්ම ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව රුපියල් බිලියන 300 සීමාවේ සිට 4000 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍ය වරයා ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියි.