ඉන්දිය රුපියල් කෝටි 8.8ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා තමිල්නාඩුවේ සෞඛ්‍ය අමාත්‍ය එම්.ඒ. ස්රබ්රමනියම් මහතාට කතාකොට ස්තූතිය පිරිනමා තිබේ.
ශ්‍රි ලංකාවේ පවතින ඖෂධ හිඟයට විසඳුම් සෙවීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුවන් විජයවර්ධන මහතා ප්රමුඛ කමිටුවකට වගකීම් භාර කර තිබේ.
තමිල්නාඩුවේ පරිත්‍යාගය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තමන් මෙසේ තමිල්නාඩු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ස්තූතිය ප්‍රකාශ කළ බවයි.
තමිල්නාඩු මහ අමාත්‍ය එම්. කේ. ස්ටාලින් මහතාටද සිය ගෞරවය ප්‍රකාශ කරන බව රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
