ඉන්දීය ණය ආධාර යටතේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාවක් අද (23දා) කොළඹට ළගා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම පෙට්‍රල් තොගයත් සමඟ ඉන්දියාව විසින් මෙරටට විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික්ටොන් 300,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලබාදී තිබේ.