බදුල්ල නගරයේ සමුපකාර ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පෝලිමේ සිටි බදුල්ල වැලිමඩ පෞද්ගලික බස්රථ රියදුරෙකුට තියුණු ආයුධයකින් ගෙල කපා බරපතළ තුවාල සිදු කලැයි බදුල්ල කොළඹ පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු සමඟ මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණු පෞද්ගලික බස්රථ සේවකයන් හයදෙනෙකු ඊයේ (22දා) රාත්රී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .
ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පෝලිමේ රැඳී සිටි බදුල්ල වැලිමඩ පෞද්ගලික බස්රථයක රියදුරෙකු ලෙස සේවය කරන හාලිඇල දික්වැල්ලවත්ත පදිංචි 43 හැවිරිදි පෞද්ගලික බස්රථ රියදුරෙකු මෙසේ බරපතළ කැපුම් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය.
පෞද්ගලික බස්රථ රියදුරුගේ ගෙල කපා දමා බරපතළ තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් බදුල්ල කොළඹ පෞද්ගලික බස්රථයක කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන කුඹල්වෙල ප්රදේශයේ පදිංචි 32හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කීය .
බදුල්ල වැලිමඩ අතර ධාවනය වන පෞද්ගලික බස්රථය බදුල්ල නගරයේ සමුපකාර ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉන්ධන පෝලිමේ නවතා තිබියදී පිටතින් පැමිණි බදුල්ල කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස්රථයක් පෝලිමේ රිංගා ඉන්ධන ලබා ගැනීමට යාමේදී දෙපිරිස අතර මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිසිය සදහන් කළේය .
මෙහිදී සැකකාර පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයා එක් වරම බදුල්ල වැලිමඩ පෞද්ගලික බස්රථ රියදුරුගේ ගෙළ තියුණු ආයුධයකින් කපා දමා ඇති අතර ඒ සමගම තුවාල කරු රෝහලට නොයා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මාර්ගය මැද වාඩිවී විරෝධය පලකලහ .
මේ සමගම තවත් පෞද්ගලික බස්රථ කීපයක් බදුල්ල නගරයේ මාර්ගය අවහිර කරමින් එහි බස්රථ සේවකයන් කලහකාරී ලෙස හැසිරෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය .
මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර පෞද්ගලික බස්රථ රියදුරු , කොන්දොස්තරවරුන් සිටින බවත් පොලිසිය පවසයි. පසුව බදුල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ වහා ගිලන් රථයකින් තුවාල ලැබු බස්රථ රියදුරු බදුල්ල මහ රෝහලට රැගෙන යාමට කටයුතු කළහ .
ඇල්ල ප්රසාද් රුක්මල්
