පොතුවිල යුද හමුදා කඳවුරේ 23 වැනි සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත සෙබලෙකු අද (23දා) අළුයම 12-30 ට පමණ රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගෙන ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලේ ආරක්ෂක රාජකාරි සඳහා මොහු අනුයුක්ත කර සිටි බව කියති. ආර්.එම්.ජී.එන්.දයාරත්න නැමති 20 හැවිරිදි අයකු මෙසේ මියගොස් ඇත.
ඔහුට නිකුත්කර තිබුණ රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාෙගන එම ස්ථානෙය්ම ඇද වැටි සිටි බව සඳහන් වේ.
කෑගල්ල සේනපුර උඳුගොඩ බුලත්පිකොහුපිටිය ප්‍ර දේශයේ පදිංචි කරුවෙකු වන ඔහු පොතුවිල යුද හමුදා කඳවුරේ සිට මේ දින වල ඉන්ධන පිරවුම්හල් වල ආරක්ෂක රාජකාරි සඳහා ෙයාදවා ඇති බව පවසයි.
මෙම මරණයට ෙහ්තුව තවමත් අනාවරණය කරගෙන නැති අතර මේ සම්බන්ධව පොලීසිය දෙහිඅත්තකණ්ඩිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව මහේස්ත්‍රාත් වරයා විසින් ස්ථානීය පරීක්ෂයක් සිදු කිරිමට නියමිත විය. මේ සම්බන්ධව විශේෂ අපරාධ ස්ථාන පරීක්ෂනාගාරයේ (සොකෝ) නිලධාරීන් විසින්ද පරීෂනයක් සිදු කිරීමට පියවර ගෙන ඇත.
අම්පාර ජ්‍යෙෂ්ඨ අධිකාරි ජයන්ත රත්නායක මහතාෙග් අධීක්ෂනය මතදෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂන පවත්වති.