නව කොරොනා වසංගතය පැතිරයාමෙන් පසු, චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහාය වී ඇති බවත් සාම්ප්‍රදායික මිත්‍රත්වය උත්කෘෂ්ට තලයකට පැමිණ ඇති බවත් චීන ජනපති ෂී ජින්පින් මහතා පවසයි.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් දේපළවල වටිනාකම රුපියල් කෝටි 79 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
Read Moreඅලදෙනිය පොලිස් වසමේ බෙරගම ප්‍රදේශයේ නිවසකට ආයුධ සන්නද්ධ පැමිණි පිරිසක් විසින් පහරදී එම නිවසට අලාභානි කොට වයස අවුරුදු 14ක පාසල් සිසුවකුගේ අතකට බරපතළ තුවාල සිදුකොට තවත් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලදෙනිය පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .
Read Moreනීලක නැමැත්තා රිමාන්ඩ් භාරයේ සිටි අවධියේදී ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් මීට සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා හිසටද බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙක් බව පොලිසිය කියයි. ඊට අමතරව ඔහුගේ අනියම් බිරිඳ සමඟ සබඳතාවක් පැවැත්වූ බව කියන තීරෝද රථ රියදුරෙකු ද බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල කර තිබේ.
Read Moreරජයේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බදවා ගනු ලැබු තරුණයින් සදහා වනජිවි දෙපාර්තමේන්තුව විසින් විශේෂ පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිබේ.මාතලේ දිස්ත්‍රික්කයේ අලි වැටේ රාජකාරි සදහා අනුයක්ත කිරිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නන්වා ඇතැයි වනජිවි දෙපාර්තමේන්තුව කියයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සිවුවැනි හා පස්වැනි විස්සයි20 තරග දෙක වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් තුෂාරට අහිමි වී තිබේ. ඒ තෙවැනි විස්සයි20 තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
Read Moreපසළොස්වක පොහොයදා කිරි එළ දෙනුන් ඇතුළු ගවයන් විසි එකක් මරා දමා රුපියල් ලක්ෂ විස්සකට වැඩි ගව මස් තොගයක් හොරොව්පොතාන සිට කොළඹ බලා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (17දා) අළුයම අත් අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලිසිය පවසයි.
Read Moreආණමඩුව රඹෑවැව කළුගල් කැඩිමේ ස්ථාන පහකින් තම ගම්මාන වලට තර්ජනයක් බව පවසමින් රඹෑවැව ගම්වාසින් අද(17දා) ආණමඩුව හලාවත මාර්ගය වසා දමා දැවැන්ත විරෝධතාවයක නිතර වුහ.
Read Moreකොච්චිකඩේ පොලිස් වසමේ ඔබ්බේරිය, කොච්චිකඩේ ලිපිනයේ වයස අවුරුදු 14ක පිරිමි දරුවෙක ජනවාරි මස 22දා සිට අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreමහරගම නගර සභා පරිශ්‍රයට අද (17දා) උදෑසන ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ විරෝධතාවයක් පවත්වා පසුව ඔවුන් මාසික මහා සභාව පැවති සභා ගැබ තුළට ඇතුළු වීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය කැඳවීමට මහරගම නගර සභාවේ ලේකම් වරයා පියවර ගෙන තිබුණි.
Read More“වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින්ම අගයනවා. රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්න”.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන 33 හැවිරිදි පුද්ගලයෙකු නයිවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ගණේමුල්ලේ සංජීව නැමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන මෙම පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ එම නිවසෙහි තිබී ජංගම දුරකතන 10ක්, හෙරොයින් ග්‍රෑම් 7ක්, ලැප්ටොප් පරිගණකයක්, බැංකු ගිණුම් පොතක් සහ මුදලින් රුපියල් පන්ලක්ෂ අසූතුන් දහසක් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreහැටන් නගරයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම් පොල භූමියේ වු විශාල වළවල් වල වර්ෂාධික දින වලදි මඬ ජලය පිරුණු ඉතා අප්‍රසන්න ස්ථානයක් ලෙසත් වැසි රහිත දින වල දි දුවිලි වලින් පිරුණු ස්ථානයක් බවට පත් වීමත් නිසා මගී ජනතාව හා රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
Read More2022.02.22 සිට 2022.02.25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට 2022.02.17 රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කළ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreතනිව ජීවත් විය නොහැකි තත්වයේ පසුවන දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු අනතුරට ලක්ව සිටියදී පුත්තලම ප්‍රදේශයේදී මුදා ගැණුන බව නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය පවසයි.
Read Moreසොරා ගත් යතුරුපැදි වලින් ගොස් වෙළඳසැල් බිඳ දේපල සොරා ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
Read Moreමාසික විදුලි බිල්පත් නියමිත වේලාවට ගෙවීමට කටයුතු නොකරන පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
Read Moreයාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට එරෙහිව විශ්වවිද්‍යාලයේ ගෙට්ටු අගුලු දමමින් විරෝධතාවක් අද (17දා) උදෑසන දියත් කිරීම හේතුවෙන් දෛනික කටයුතු වලට බාධා එල්ල විය.
Read Moreමිනිපේ මහ ගොවි ජනපදයේ දෙවන අදියරේ වගා කල හැකි ගොඩ ඉඩම් සදහා ජලය සැපයීමේ විධීමත් වැඩපිළීවෙලක් මෙතෙක් සකස් කර නැතැයි ගොවීහු පවසති. ප්‍රදේශයේ වාරි පද්ධති සකස් කිරිමේ දි කිනම් හෝ හේතුවක් මත ජනපදයේ වගා කළ හැකි ගොඩ ඉඩම් සදහා ජලය ලබාදිමට ක්‍රමවේදයක් සකස් නොකිරිම මෙම තත්වයට හේතුව බවද ඔවුහු පෙන්වා දෙති.
Read Moreකම පුද්ගලික ෆේස්බුක් ගිණුම දින කිහිපයක සිට තමන්ට භාවිත කිරීමට නොහැකි ලෙස පැවති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කෙසේ වෙතත් තමන්ට නැවත ගිණුම ලැබී ඇති බවත් ඔහු පවසයි.
Read Moreමේ වන විට වෙළඳපොළ තුළ ඇමෙරිකානු ඩොලරයක ඇත්ත වටිනාකම රුපියල් 250ක් බවට පත්ව ඇති බවත් මේ ආකාරයෙන් තවදුටත් කටයුතු කළ හොත් වසර අවසාන වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 300ක් දක්වා ඉහළ යෑමට හැකි බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreපොල්ගහවෙල ඉහළගම උදාගම්මානයේ තරුණ සංවිධානයක පිරිසක් විසින් පොල්ගහවෙල බැලුම්ගල කන්ද පර්වත බෑවුමේ ඊයේ (16දා) නවම් පොහෝදින බෞද්ධ කොඩියක් සිතුවම් කිරිම සිදු කෙරිණි.
Read Moreවිදෙස්ගත වන පුද්ගලයන්ට අවශ්‍ය නම් ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොවිඩ් එන්නතේ සිවු වැනි මාත්‍රාවක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreමෙරට ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුරු වී තිබෙනබව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
Read Moreරට පුරා ඇති කැණීම් ස්ථාන විදිමත් පරිදි පුනරුත්ථාපනය නොකිරීම සම්බන්ධව තමන්ට සතියක් තුළ විමර්ශණාත්මක වාර්තාවක් සපයන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට හා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබිනි.
Read MoreCDC නිර්දේශ කරන්නේ ගැබ්ගෙන සිටින, මව්කිරි දෙන, දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන, හෝ අනාගතයේදී ගැබ් ගැනීමට හැකි කාන්තාවන්ට එන්නත් ලබාගෙන කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීනව සිටින ලෙසයි.
Read Moreසිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජන ප්‍රිය නළු රංජන් රාමනායක මහතා වැලිකඩ බණ්ධනාගාරය තුළ සුවසේ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා බදුල්ලේදී අද (16) දා පැවසීය
Read Moreඉහළ එන්නත් අනුපාතය සමග බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද වේගවත් වී ඇති පසුබිමක මේ ආකාරයෙන් සීමා ලිහිල් කරන බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකෝවිඩ්-19 වැලඳුණු පුද්ගලයෙකුට ලිංගික ගැටලු ඇතිවීමේ යම් සම්භාවිතාවක් ඇති නමුත්,කෝවිඩ් එන්නත ලබා ගැනීම තුළ ලිංගික බෙලහීනතා ඇතිවන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැතැයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreමෙසේ සීමාවන් ලිහිල් කළද, ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් පෙබරවාරි මස මුලදී හඳුන්වා දුන් එන්නත් විධානයට ඇලී සිටින බවයි. මේ යටතේ ඔස්ට්‍රියාවේ සියලුම වැඩිහිටියන්ට කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් කිරීම අනිවාර්ය කරයි.
Read More