රත්මලාන ප්‍රදේශයේ ප්‍රදේශයේ පිසූ ආහාර අලෙවි කරන ආපන ශාලාවකින් මුදල් කොල්ලකා ,සේවකයන් දෙදෙනකුට තුවාල සිදුකර පලායමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
යාපනය මූලායි ප්‍රදේශයේදී ඊයේ (20දා) රාත්‍රියේ සිදුවූ යතුරුපැදි අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට යාපනය පොලීසිය පැවසීය.
Read Moreමීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලකින් පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයෙකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය පවසයි.
Read Moreනීති විරෝධිව බලපත්‍ර නොමැතිව තේක්ක සහ කොහොඹ දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් හුංගම පොලිස් වසමේ මාමඩල ඩී.2 ඇල ප්‍රදේශයේ දී අද (21දා) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා පැවසීය.
Read Moreකල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තලවිල ගොවි ගම්මානයේ අතුරු මාවතක් සෑදීමට මීට සය මසකට පමණ පෙර බා තිබූ කොන්ක්‍රීට් ගල්,යළිත් පටවාගෙන ගොස්,එම මාවතේම පෞද්ගලික නිවසක ඉදිකිරීම් කටයුතු සදහා යොදා ඇතැයි එම ගම්වාසී ජනතාව සිය බළවත් විරෝධය පල කර සිටිති.
Read Moreඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය රජය දැඩි ලෙස විවේචනය කරන්නෙකු වුවද, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තම පුරවැසියන්ගේ අවශ්‍යතා සඳහා ස්වාධීන තීරණ ගැනීම සම්බන්ධයෙන් අසල්වැසි රටට ගෞරවය ලබා දුන්නේය.
Read Moreනිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පෝලිමක සිටි යතුරුපැදිකරුවෙක් හා ත්‍රි රෝද රථ රිියදුරෙක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ත්රිි රෝද රථ රියදුරු විසින් යතුරුපැදිකරුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
Read Moreවොලෝනියා ප්‍රදේශයේ ඉරිදා අලුයම සැණකෙළියක් අතර තුර සිදුවූ මෙම අපරාධයෙන් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර දස දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව කියයි.
Read Moreවිදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධ නොලැබීම හේතුවෙන් හෙට දිනයේද විදුලිය කප්පාදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
Read Moreයුක්රේනය තුළ රුසියාව ගෙන යන හමුදා ක්‍රියාවන් සම්බන්ධයෙන් විවෘතව හෙලා දකින පීඩනයට ඉන්දියාව දිගින් දිගටම විරුද්ධ වන පරිසරයක ජපාන අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව ඒ වෙත තල්ලු කිරීමට නැවතත් උත්සාහ කර ඇත.
Read Moreජාතික වොලිබෝල් තේරිම් කමිටුවට ෆින්ලන්ත ජාතික පුහුණු කරුවෙකු සිදුකරනු ලබන බලපෑම් දිගින් දිගටම පැවතියහොත් තමන් ජාතික වොලිබෝල් තේරිම් කමිටු සභාපති ධුරයෙන් ඉවත්වන බව ජාතික වොලිබෝල් තේරිම් කමිටු සභාපති එල්.සි.ඒකනායක මහතා පවසයි.
Read Moreයුක්රේනයේ විරුද්ධ පක්ෂ රැසක් රුසියාවට සහාය දක්වන බවට වන චෝදනා සමග ජනාධිපති සෙලෙන්ස්කි විසින් රටේ විරුද්ධ පක්ෂ නිහඬ කිරීමට කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොලීසියේ සයිබර් කටයුතු ඉහළ නැංවීමට, ත්‍රස්තවාදී හා අන්තවාදී තර්ජන හඳුනා ගැනීමට හා තවත් කරුණු ගණනාවක් පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි මහතා සමග සාකච්ඡා කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඔමික්‍රෝන් වැළැක්වීම සහ පාලනය සම්බන්ධයෙන් විශේෂඥයා පැවසුවේ, හැකි ඉක්මනින් සම්ප්‍රේෂණ දාමය කපා හැරීම, ප්‍රධාන කණ්ඩායම්, ස්ථාන, ආයතන අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ කලින් හඳුනාගැනීම සඳහා පියවර ක්‍රියාත්මක කිරීමයි.
Read Moreඉදිරි වසර පහ තුලත් වත්මන් රජයම මේ රට පාලනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read More2021 ලෝක බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ බැහැර කෙරෙන කැළිකසලවලින් 80%ක් පුළුස්සා දැමෙන බවත්, එසේම එය මේ වනවිටබරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති බවත් පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි. අමාත්‍යාංශය සඳහන් කරන්නේ එලෙස බැහැර කෙරෙන කැළිකසළවලින් විශාල ප්රමාණයක්ශ්රී ලංකාවේ ජනගහනයෙන් 80%ක් පමණ ජීවත්වන ග්‍රාමීය අංශය තුළදී දක්නට ලැබෙන බවයි.
Read Moreආණ්ඩුව ඖෂධ මිල පාලනය ඉවත් කිරීමට කටයුතු කළහොත් සමගි ජන බලවේගයට ඊට විරුද්ධව වීදි සටන් ආරම්භ කරන බවත්, එමෙන්ම සමගි ජන බලවේග ආණ්ඩුවක් පත් වූ පසු සතියක් ඇතුළත නැවත ඖෂධ සඳහා මිල පාලනයක් ගෙන එන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreකණකර උකස් කර අසීමිත දුකක් විදිමින් රුපියල් 30 000ට පොහොර මිටිය කලුකඩෙන් ගෙනවිත් අමාරුවෙන් වගා කළ ගොවි ජනතාව ඇතුළු ගෑස් පෝලිම්වල තෙල් පෝලිම්වල ආදී පෝලිම්වල දුක් විදින කට්ට කන ජනතාවගෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් බොරු වපුරා මහින්ද ගෙදර යැව් පරිද්දෙන් මේ ආණ්ඩුව ද ගෙදර යවන්න හදන කුමන්ත්රණවලට හසු නොවන බවත් පළාත් සභා හා පළාත් පාළන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
Read Moreනීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත යැවීමට සූදානම් වූ රත්රන් කිලෝ 6ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreරුසියාවේ කොස්ට්‍රෝමා 331 වන ආරක්ෂක ගුවන් හමුදා රෙජිමේන්තුව තම හමුදා විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව යුක්රේන ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරයි.
Read Moreහයිලන්ඩ් කිරිපිටි මිල වැඩි නොකර ලබන මාසයේදී කිරිපිටි තොග වෙළඳපොළ වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව මිල්කෝ සභාපති සභාපති රේණුක පෙරේරා මහතා පැවසීය.
Read Moreලබන 23 දා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට එක්නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද (20දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව තහවුරු කළේය.
Read Moreදේශිය කිරිපිටි සමාගමක් වන පැල්වත්ත කිරිපිටි සමාගම තම කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 105 කින් ඉහළ දමා තිබේ.
Read Moreමම ස්භාවධර්මය විශ්වාස කරනවා. ඒ නිසා ස්භාවධර්මයෙන්ම මාව ගෙදර යැව්වා. නමුත් මගේ පුංචි මල්ලි තවම පාර්ලිමේන්තුවේ ඉන්නවා. මෙම කාලය අපිට හොද කාලයක් අපේ අඩුපාඩුකම් විශ්ලේෂණය කරන්න, සැලසුම් හදන්න.
Read Moreචීනය නිදහස් වෙළඳ ගිවිසුම් 26 කට වඩා වැඩි ප්‍රමාණයකට අත්සන් තබා ඇති බව අවධාරණය කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ චීනය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරීම හරහා ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ සහ නිෂ්පාදන සඳහා බොහෝ ප්‍රයෝජන හිමිවනු ඇතැයි සඳහන් කළේ ය. නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ 7 වැනි වටයේ සාකච්ඡා කඩිනමින් යළි ආරම්භ කරන ලෙසද ඔහු ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
Read Moreකෝටි ගණන් වැය කරමින් පවත්වාගෙන යන පාර්ලිමේන්තු භෝජනාගාරය වහා වසා දමන ලෙස ඉල්ලා අද (20දා) පෙරවරුවේදී පිටිගල අමරගමදී ජනතාව උද්ඝෝෂණයක නිරත විය.
Read Moreබන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreලාෆ් සමාගම සිය ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4199ක් දක්වා ඉහළ දමා තිබේ.
Read Moreකඩවත නගරයේ ඉන්ධන හළක් තුළ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක් ඇද වැටී මියගොස් ඇතැයි වාර්තා වෙයි.
Read More