2017 වසරේදී උඩුමහළ පාර, මඩකලපුව ප්‍ර දේශයේදී දරු ප්‍රසූතියකින් පසුව පිරිමි බිළිඳෙකු ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළව මහනුවර රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 36ක් වන කළ්‍යාණ පාර, සයින්දමරුදු ප්‍ර දෙශයේ පදිංචිකරුවෙකි.
එවකට මෙම සැකකාර වෛද්‍යවරා තම බිරිඳ සමග කුලී පදනම මත උඩුමහළ පාර, මඩකලපුව ප්‍ර දේශයේ කුලී නිවසක පදිංචිව ඇත.
එම නිවසේ සේවය කළ මෙහෙකාරිය විසින් නිවසෙදේ ප්‍රසූත කරන ලද බිළිඳෙකු හුස්ම සිරකර ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම බිළිඳා මරණයට පත්කිරීමෙන් අනතුරුව මළ සිරුර ළිඳකට දමා තිබේ.