නව ගමනක් වෙනුවට තියෙන්නේ රාජ්‍ය ප්රචණ්ඩත්වයයි
ජනතාව කරනු ලැබූ ප්රජාතන්ත්රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පහුගිය මැයි මාසේ නව වෙනිදා රාජ්‍ය ප්රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවත්, එහි ප්‍රතිඵලය වූයේ අගමැතිවරයාට ගෙදර යාමට සිදුවීම බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එය ජනාධිපතිවරයා රටෙනුත් නෙරපා හැරීම දක්වා දිග්ගැසුණු බවත් ඉන් අනතුරුව සිදු වූ ක්‍රියාදාමය තුළින් නව ගමනක් බලාපොරොත්තුව සිටි සියලු දෙනාට අත්විඳින්නට සිදුව ඇත්තේ ඒ වෙනුවට රාජ්‍ය ප්රචණ්ඩත්වය බවද ඔහු පැවැසීය.
අද වන විට රාජ්‍ය ප්රචණ්ඩත්වය බරපතළ ලෙස ක්‍රියාත්මක වන බවත් අලුත් ගමනක් වෙනුවට ඇත්තේ පරණ ප්රචණ්ඩ ගමනම බවද විපක්ෂනායකවරයා පැවැසීය.
හැටනව ලක්ෂයක බහුතරයකින් රටේ පාලකයා බවට පත්වූ ජනාධිපතිවරයෙකු මහජන අරගලයක් විසින් රටෙනුත් නෙරපා හැරි තත්ත්වයක් පවතින බවද ඔහු පැවැසීය.
ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විශේෂ හමුවක් අද (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය. වඩාත් ඉදිරිගාමී රටක් නිර්මාණය කිරීම උදෙසා වූ සාධනීය අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහි අරමුණ යි.
දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් සහ වෘත්තිකයින් පිරිසක් මීට එක්ව සිටියහ. පත්කරගත් ඒකාධිපතිත්වයකට මේ රටේ ප්රජාතන්ත්රවාදය වනසා මිලේච්ඡත්වය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදිය යුතුබවත් පාලකයින් එකමුතු බවේත් සාධාරණත්වයේත් ආදර්ශය ලබා දියයුතු බවද පැවසීය.
popular news
-
Agampodi Upali Amaranath de Silva Monday, 25 July 2022 01:39 PM
You are still acting like a foolish leader. Go and help the country to survive in this crisis, rather than go against every thing. You are like terror JVP and useless guy of Vasu. Be smart and first try to build the economy and ten be a leader. (I have not seen any of my comments been shown)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

