යතුරු පැදියක තිබූ පෙට්රල් හොරෙන් ලබා ගන්නා අවස්ථාවේදී යතුරු පැදියේ හිමිකරු හා පෙට්රල් සොරකම් කළ පුද්ගලයා අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව පෙට්රල් සොරකම් කළ පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදි යතුරු පැදියේ හිමිකරු ඝාතනය කර තිබේ.
අද (25දා) අලුයම් කාලයේදී බොරැල්ල, කාසල් විදිය ප්ර දේශයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ. තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 40ක් වන කාසල් වීදිය පදිංචි පුද්ගලයෙකි.
ඝාතනය සිදුකර ඇත්තේද කාසල් විදිය පදිංචි අවුුදු 29ක පුද්ගලයෙක් වන අතර ඔහු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.