ශ්රී ලංකාවේ නව ජනපතිවරයා වශවෙන් තේරි පත්වු ජනපති රනිල් වික්රමසිංහ මහතා වෙත රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටිං මහතා සිය සුබ පැතුම් එක්කරමින් ලිපියක් යොමුකර තිබේ.
එම ලිපිය ශ්රි ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි මහතා විසින් ජනපතිවරයා වෙත අද පෙරවරුවේ භාර දුන්නේය.
ශ්රි ලංකාවේ ප්රධානියා ලෙස ජනපති රනිල් වික්රමසිංහ මහතා ගන්නා වූ ක්රියාමාර්ග දෙරටේ ජනතාවගේ මෙන්ම කලාපයේ ස්ථාවරත්වය හා ආරක්ෂාව වෙනුවෙන් හේතුවෙනු ඇතැයි රුසියානු ජනපතිවරයා සිය ලිපියෙන් සඳහන් කරයි.
ශ්රී ලංකාව හා රුසියාව අතර සබඳතා මිත්ර ශීලී වූ බවත් නව ජනපතිවරයාට සාර්ථකත්වය වෙනුවෙන් සුබ පැතුම් එක්කරන බවත් රුසියානු ජනපතිවරයාගේ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.