සමාජ මාධ්‍ය හරහා ද්වේෂ සහගත හා වෛරී සහගත අදහස් ප්‍රචාරය කිරීම්වලට සහාය පල කර ප්‍රතිචාර දැක්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
2022/07/23 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව Facebook සමාජ මාධ්‍ය ජාලයේ පළවි තිබූ දැන්වීමකට අදාළව මහජනතාව අතර නොසන්සුන්තාවක් ඇතිකර මහජන සාමයට බාධාකාරීමේ අරමුණින් අදහස් පළකළ පුද්ගලයෙකු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැකුණු පළාත් පරිඝනක අපරාධ විමර්ශන උප ඒකකය මගින් විමර්ශනයක් සිදුකර ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 28ක් වන කොටුව, ගාල්ල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
වෙනත් පුද්ගලයෙකු පළකළ දැන්වීමකට ද්වේශ සහගත හා වෛරී සහිගත ලෙස ප්‍රතිචාර දක්වමින් අත්අඩංගුවට ගත් සැකකරු තම ෆෙස් බුක් ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබේ.
මේ අනුව ජුලි 18 ප්‍රකාශයට පත්කළ හදිසි නීති රෙගුලාසි අනුව දැකකරු අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 8 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.