saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5594 hours ago

LATEST

ඩොලරය 308ට යයි

calendar_today 2022 අප්‍රේ 06 - 15:40 remove_red_eye - 280  

මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 308.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙය ඇමෙරිකානු ඩොලරයක් සඳහා මහ බැංකුව නිකුත් කළ වැඩිම අගය වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිල රුපියල් 298.1ක් විය.

කහවත්ත වටාපොත මාර්ගයේ දි පුද්ගලික බස් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට පෙරළිමෙන් තිදෙනකුට තුවාල සිදුවි කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර තිබේ .

Read More

ඒක තමයි අපේ පක්ෂයේ වැඩේ. ඔයගොල්ලෝ හිතවනද මේ නිකම් මෝඩ කමට බෙල්ල දෙන්න යනවා කියලා. මම පාර්ලිමේන්තුවෙන් එළියට යන්න පෙර දැනුම් දුන්නා මම එළියට එනවා කියලා. අපේ සහෝදරවරු කිහිප දෙනෙක් හිටියා. මම හෙටත් එහෙම කරනවා. ලාභෙට අපේ ජීවිත බිලි දෙන්නේ නෑ.

Read More

මේ වසරේ මුල් කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,412ක ආයෝජන යෝජනා 33ක් ලැබී ඇති බව ආයෝජන මණ්ඩලය අද (06දා) සඳහන් කරයි .

Read More

වත්මන් නීතිපතිවරයා කටයුතු කරන ආකාරයට විරෝධය දැක්වීමක් ලෙස ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා උප සභාපති සුනිල් පියරත්න මහතාට පහර දීමත් සමඟ අද (06දා) පැවති මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.

Read More

යළිත් අමාත්‍යධුර භාර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ඩුබායි හී ෂැංග්‍රී-ලා හෝටලයේ දී පසුගිය මාර්තු 28දා පැවැති “ග්ලෝබල් පෝට් ෆෝරම් 2021” (GPF) සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද සුවිශේෂී සම්මාන දෙකක් හිමිවිය. “2021 වසරේ වරාය අධිකාරිය” සහ “2021 වසරේ හොඳම රාජ්‍යය බහලූ පර්යන්තය” යන සම්මාන දෙක ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි විය

Read More

දිවයින පුරා රජයේ රෝහල්වල විශාල වශයෙන් ඖෂධ හිඟයක් පවතින බවත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පමණක් ඖෂධ වර්ග 25 ක පමණ හිඟයක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවෙහි ලේකම් වෛද්‍ය තිලක් පෙරේරා මහතා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

යාපනය පොලිස් බල ප්‍රදේශයේ පාසෙයිඌර් ප්‍රදේශයේ ඊයේ (05දා) සවස නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් නිවස සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවට පොලීසිය පවසයි.

Read More

’’අපි ලාභෙට මැරෙන්න සූදානම් නෑ. ඉපදෙන්නෙත් මැරෙන්නෙත් එක පාරයි. මෙහෙම ගියොත් විනාශයක් වෙන්නේ. අපිත් බය නෑ’’

Read More

මාරවිල මූදුකටුව ඉන්ධන හලට දින 13 කින් ඩිසල් නොලැබිමට විරෝධය පා අද (6දා) උදෑසන සිට කොළඹ හලාවත මාර්ගය මූදුකටුව ඉන්ධන හල අසලින් වසා දමා ඇති බව මාරවිල පොලිසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුව තුළ විපක්ෂය විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවක නිරත විය. මෙහිදී සජබ මන්ත්‍රීවරුන් කපුටු කාක් කාක්, බැසිල්, බැසිල්, බැසිල් ලෙස උස්හඩින් ප්‍රකාශ කළේය.

Read More

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය කරපොල විල්ලුවට නුදුරින් අද (6දා) අලුයම නිධන් හාරමින් සිටි තිදෙනෙකු, අත්ටැක්ටර්යක් ජෙනරේටරයක්, ඇතුළු නිධන් හැරීමට යොදා ගත් භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව වනජීවී කාර්යාලය පවසයි.

Read More

පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ සංගීත කාමරය කඩා රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් සංගීත භාණ්ඩ සොරකම් කල පුද්ගලයෙකු ඊයේ (05දා) රාත්‍රි අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

පරිසර අමාත්‍යාංශයට අයත් GSMB-TS පුද්ගලික සමාගම විසින් මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයේ වැව් 75ක් ආශ්‍රිතව සුහුරු වාරි ව්‍යාපෘතිය යටතේ ඉංජිනේරුමය සමීක්ෂණයක් සිදු කරනු ලබයි.

Read More

පාර්ලිමේන්තුව අසළ පැවැති විරෝධතාවට හමුදා යතුරු පැදි එවීම වැරැද්දක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුව අසළ මාර්ග බාධකයේදී ඊයේ (05දා) ඇතිවූ සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයා කනගාටුව ප්‍රකාශ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ජිවන වියදම ඉහල යාම,ඉන්ධන සහ ගැස් හිගය , විදුලි කප්පාදුවට එරෙහිව හැටන් කොටගල නගරයේ වෙලද සංගමය අද (06දා) සියළුම වෙලදසැල් වසා දමා කළු කොඩි පැළද කොටගල නගරයේ පෙලපාලියක ගමන් කරමින් උද්ඝෝෂණයක නිරත විය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අඛණ්ඩවම පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීම හේතුවෙත් තත්ත්වය සමනය කිරීම සඳහා සභාව විනාඩි 10කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

“ඉවසන හැමෝම දුර්වල නෑ, නිහඩ ඔක්කොම බයත් නෑ,බැනුම් අහන හැමෝම වැරදිත් නෑ”

Read More

මෙම දින කිහිපය තුළ මන්ත්‍රීවරු පත්ව සිටින පීඩාව තමන් හෙළා දකින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තු කටයුතු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අද දිනයේදී විවාදයක් පැවැත්වීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා නියෝජ්‍ය කථානායකධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රන්ජිත් සියඹලාපිටිය මහතා වෙත දන්වා තිබේ.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර ඇති බව යුද හමුදාව පවසයි.

Read More

ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් වී තිබුණි .

Read More

මෙම තත්ත්වය තුළ ආසියාවේ බලවත්ම රාජ්‍යය වන චීනයේ ආර්ථික වර්ධන වේගය 5%ක් වනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කර තිබේ.

Read More

පෘථිවිය ජීවත්වීමට නොහැකි ලෝකයක් කරා ස්ථිරව ගමන් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

Read More

හදිසි නීතිය ඉවත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගියදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසළ ඇතිවූ විරෝධතාවයෙන් පසු රටපුරා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනපතිවරයා කටයුතු කරනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.