ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂමට වාර්ෂිකව ගෙවිය යුතු නියාමන ගාස්තුව එළැඹෙන ජුලි 30ට පෙර ගෙවන ලෙස සඳහන් කරමින් එම කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට ලිපියක් යොමුකර තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන් හි අධ්‍යන කටයුතු අද (04දා) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවරගත් බව යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි.
Read Moreවත්මන් පාලනයට රැවටීමෙන් එයට සහාය දීම සම්බන්ධයෙන් තමන් රටේ සියලුම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා පවසයි.
Read Moreරට මුහුණ දී තිබෙන ආර්ථික අභියෝගවලට ශක්තිමත් ලෙස හදවතින්ම මුහුණ දීමට අවශ්‍ය දිරිගැන්වීමක් ලෙස විපක්ෂයේ සහ සාමාන්‍ය ජනතාවගේ උද්ඝොෂණ තමන් සලකන බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පසුගියදා (02දා) ප්‍රකාශ කරන ලදි.
Read Moreජනතාව විසින් බත්තරමුල්ලේ පවත්වන විරෝධතාව සඳහා සම්බන්ධවීමට ගිය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට විරෝධතාකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
Read Moreආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනවීමට තිරණය කර තිබේ. ඒ එම පක්ෂයේ මැති ඇමතිවරුන් අද පෙරවරුවේ රැස්වී කළ සාකච්ඡාවකින් අනතුරුවය.
Read Moreවත්මන් ආණ්ඩුවට එරෙහිව කුරුණෑගල ජනතාව කිසිඳු දේශපාල පක්ෂයක සහභාගීත්වයෙන් තොරව පවත්වන විරෝධතාව සඳහා විශාල පිරිසක් එක්ව සිටියි. මේ අතර විශාල පිරිසක් තරුණ්‍ය නියෝජනය කරයි.
Read Moreඅම්බලන්ගොඩ මාදම්පා අභය භුමියේ මීට ස්වල්ප වෙලාවකට පෙර ඇතිවූ හදිසි ගින්නකින් එම අභය භූමියට දැඩි අලාභානි සිදුව තිබේ.
Read Moreරාජපක්ෂවරුන්ගේ තිඹිරිගෙය වන තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Read Moreඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පදිංචිව සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනේජ් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටද විරෝධතා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 10 වීදියගොඩ ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට මෝටර් රථය හරස් කර රියදුරු එළියට ඇද පහර දී මෝටර් රථයෙන් පළා යමින් සිටි ව්‍යාපාරිකයකු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගැලනිගම රථවාහන පොලිසිය සඳහන් කරයි.
Read Moreජනතා විරෝධය මේ වන විට දේශපාලකයන්ගේ ගෙවල් ඉදිරිපිටටද ගොස් තිබේ. රජයේ මැති ඇමතිවරන්ගේ නිවාස ඉදිරිපිටට ගොස් ජනතාව මේ වන විරෝධය දක්වමින් පවතී.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත ආණ්ඩුවට එරෙහිව රට පුරා පවතින විරෝධතා තීව්‍ර වී තිබේ. මේ අනුව දිවයිනේ සෑම නගරයකම පාහෝ විශාල ජනතා පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පැවැත්වෙමින් පවතී.
Read Moreකඩවත මහර 09 කණුව ආසන්නයේදි ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව පැලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනිමේ නියෝග මත රඳවා සිටින සැකකරුවෙකු වන සිංහ ආරච්චිගේ සහන් නවෝද්‍ය නොහොත් පැන්ඩා නමැත්තාට අයත් ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින තත්ත්වය විසඳා ගැනීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටියි.
Read Moreඩීසල් , ගැස් , විදුලිය සහ ජිවන බර ඉහල යාමට විරෝධය පාමින් වතු කම්කරුවන් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එකතු වු වතුකරයේ තරුණ තරුණියන් අද (04දා) වතුකරය පුරා රජයට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.
Read Moreආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අද (04දා) පස්වරු 3.30ට ජනපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇති සරළ බහුතරය පවා අහිමිවීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 50කට ආසන්න සංඛ්‍යාවක් හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීර්ණය කිරීමත් සමගිනි.
Read Moreරත්නපුර ඇන්දාන මඩලගම ප‍්‍රදේශයේ බලපත‍්‍රයක් නොමැතිව විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් නීති විරෝධි ලෙස ලඟ තබා ගනිමින් සතුන් දඩයම් කල පුද්ගලයෙකු ඊයේ (03දා) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ඇන්දාන පොලිසිය පවසයි.
Read Moreතත්ත්පර කිහිපයක් පුරා දිවෙන මෙම වීඩියෝවේදී අදාළ පොලිස් නිලධාරියා පවසන්නේ ’නිල ඇඳුම් ඇඳන් හිටියත් අපිත් ඔයගොල්ලෝ එක්කයි’ යනුවෙනි.
Read Moreජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලම එළවා දමන තුරු මෙය නොනවතින අරගලයක් විය යුතුයි. මෙය පක්ෂයක සංවිධානයක අරගලයක් නොවේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreනොරොච්චොල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ගෙනා නැවකට අදාළ ගෙවීම් කිරීමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම ගල් අඟුරු තොගය ගොඩ බෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වෙයි.
Read Moreප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබේ.
Read Moreසමගි ජනබලවේගයේ ආර්ථික කවුන්සිලය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ බව එම පක්ෂය නිවේදනය කරයි.
Read Moreනව ඇමති මණ්ඩලය දෙස බලන විට අළුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනේ. අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවකි. එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි. පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි.
Read Moreරටක් ලෙස මුහුණ දෙන ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරගැනීමට සහ රට ස්ථාවරව පවත්වාගෙන යාමට සමස්ත ජනතාවගේ සහාය ද ජනාධිපතිවරයා ඉල්ලා සිටින බව එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreඉන්ධන පිරවුම් හල් වල ඩීසල් නොමැති කම හේතුවෙන් ජා-ඇල නගරයේ කසල ඉවත් කිරීම ගැටළු සහගත තත්වයකට පත් තිබෙන බව නගර සභා සේවකයින් පවසයි. නගරයේ කසල ඉවත් කරන ටැක්ටර් ඇතුළු රථ වල ඩීසල් නොමැති වීම හේතුවෙන් එම රථ අද(04දා) වන විට ඩීසල් පෝලිම් වලට එක්ව තිබේ.
Read Moreරජයට ඉවත් වන ලෙස බලරකමින් අද වරකාපොල බස් නැවතුම්පළ අසල සාමකාමී විරෝධතාවක් පැවැත්වීය. පසුව ඔවුන් පා ගමනින් වරරකාපොල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට නැවතී විරෝධතාවය දැක්වූහ.
Read Moreමේ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදේශ අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාම පත්කර තිබේ. මහා මාර්ග අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍යවරයාම වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත්, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍යවරයාම වන දිනේෂ් ගුණවර්ධන මහතාත් පත්කර තිබේ.
Read Moreඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමගින් රට පුරා ජනතාව මහා මාර්ග අසළට පිවිස විරෝධතාවයේ නිරත වෙමින් සිටියි. එසේ විරෝධතා දක්වන පිරිස් වෙත සහාය පළකරමින් මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් තම වාහන වන නළා හඩවමින් සිටියි. මේ ඒ ආකාරයට නුවර පැවැති විරෝධතාවකි.
Read More