ලබන 15දා සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට සමගාමීව තැපෑල තුලද වෙනසක් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මේ අනුව මෙතෙක් සේවාවන් දෙකක් ලෙස ක්‍රියාත්මක කළ ස්පිඩ් පෝස්ට් සේවාව හා ලොජි පෝස්ට් සේවාවත් ඒකාබද්ධ SL POST COURIER සේවාව නමින් නව තැපැල් ගාස්තු සමගින් අගය එකතු කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ.
ලියාපදිංචි ලිපියක උපරිම බර කිලෝ ග්‍රෑම් 2 සිට විශේෂ සේවාවක් ලෙස අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත කිලෝ 5ක උපරිමක බරකට යටත්ව තැපැල් භාණ්ඩ යොමුකිරීමට අවස්ථාව දීම.
වාණිජ පරමාර්ථයකින් යොමුකරන භාණ්ඩයක් හෝ භණ්ඩ තොගයක් බෙදන අවස්ථාවේදීම ඊට අදාළව අය විය යුතු වටිනාකම් ලබන්නා වෙතින් අයකර ගැනීමට නවතම සේවාවක් ලෙස CoD හඳුන්වාදීම.
මුදල් ඇණවුමකින් ප්‍රේෂණය කළ හැකි උපරිම මුදල් සීමාව රුපියල් 50000 සිට 100000 දක්වා ඉහළ නැංවීම.
ප්‍රචාරණ තැපැල් සේවය පුළුල් කිරීමත් නව අගය එකතු කළ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරිම.
දැනට භාවිත නොවන ෆැක්ස් මුදල් ඇණවුම් සේවාව හා වාර්ෂික වාර්තා බේදීම් සේවාව අවලංගු කිරීම.