saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5529 hours ago

LATEST

අළුත් අවුරුද්දේ අනතුරුවලින් 167ක් රෝහලේ

calendar_today 2022 අප්‍රේ 14 - 19:19 remove_red_eye - 208  

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ හදිසි අනතුරුවලින් මේ වනවිට පුද්ගලයන් 167 ප්‍රථිකාර සඳහා රොහල කරා පැමිණි බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ කොටස්වලින් 5%ක් හිමි සෞදි අරාබියේ අල් වලීඩ් බින් තලාල් පෙන්වා දෙන්නේ, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පහසුවෙන් මුදල් ඉපැයීමට අරඅඳින බවයි.

Read More

ආණ්ඩුවට එරෙහි කොළඹ ගාළු මුවදොර පැවැත්වෙන අඛන්ඩ විරෝධතාවයට සහය පලකරමින් පොලිස් නිලධාරියෙකුද එක්ව තිබේ.

Read More

රට තුල ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව කල් තියා දැන්වූවත් අදාල බලධාරීන් ඒ සම්බන්ධව නිහඬ පිලිවෙතක් අනුගමනය කල බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි.

Read More

ණය හිමියන් සමඟ “සහයෝගී සංවාදයක” නිරත වීමේ ශ්‍රී ලංකාවේ සැලසුම්වලට සහය දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) බදාදා (13) ප්‍රකාශ කළේය.

Read More

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අරගලයේ යෙදී සිටින ජනතාව සිය අවුරුදු චාරිත්‍ර අද (14) කොළඹ ගෝඨාගෝගම පරිශ්‍රයේදී ඉතාම උත්කර්ශවත් අන්දමින් පවත්වුනු ලැබීය.

Read More

ලෝකයේ ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරිමේ ආයතන දෙකක් වන ෆිච් ආයතනය හා එස්. ඇන්ඩ් පී ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම පහත දමා තිබේ.

Read More

පවතින දුෂ්කර කාලය පසුකර යෑමට සියලු දෙනා එක්ව, එක් ජාතියක් ලෙස සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකාවට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණදීමට සිදු වී ඇති බවත් එය ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව බවත් ජනපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතා කියයි. අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.

Read More

යුක්රේනයේ ඇතිවී තිබෙන අර්බුදයත් සමග වත්මන් තත්ත්වය කල්පවත්නා බලපෑම් ඇති කරන බවට අන්කාරා පාලනය ලෝකය වෙතම අනතුරු අඟවා තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා රාජපක්ෂවරුන්ට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව අඛණ්ඩව හය වැනි දිනටත් අද (14දා) ක්‍රියාත්මක වෙයි.

Read More

වසංගතය අතරතුර නීති විරෝධී සාද පැවැත්වීම ගැන ඔහු සත්‍යය පවසන බව සිතන්නේ, එරට ජනතාවගෙන් 4න් 1කට වඩා අඩු ප්‍රමාණයකි.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳා ගැනිම වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍ය පහසුකමක් ලබාදීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර හා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදිමට නියමිතය.

Read More

යුක්රේනය දිගටම රුසියානු භූමියට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළහොත් කියෙව්හි තීරකයන්ම ඉලක්ක කළ හැකි බව රුසියානු හමුදාව ප්‍රකාශ කරයි.

Read More

2022 සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 දා උදෑසන 8.41ට අලුත් අවුරුද්ද උදාවෙයි.

Read More

ජර්මනියේ ජ්‍යෙෂ්ඨ නීති සම්පාදකයෙක් යුක්රේන රජයෙන් ඉල්ලා ඇත්තේ ජර්මනියේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත්වීම් නොකරන ලෙසයි.

Read More

ගෝල් ෆේස් ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයට සහභාගී එක්ව සිටින ඉස්ලාම් අන්තවාදය මෙරට තුල ප්‍රවර්ධනය කිරීමට සක්‍රියව දායකත්වය දක්වන සලෆිවාදීන්, වහබ්වාදීන්, ජමාතේ ඉස්ලාම් මතධාරීන් මේ වන විට තමන් හඳුනාගෙන ඇතැයි බොදු බල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

යුක්රේන ගැටුම උපුටා දක්වමින් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය, රොස්කොස්මොස් සමග අඟහරු සහ චන්ද්‍ර ගවේෂණ සහයෝගීතාව නතර කර ඇත.

Read More

වර් තමාන පාලන තන්ත්‍රයට එරෙහිව දින ගණනාවක් මුළුල්ලේ පක්ෂ පාට බේද නොසලකා අරගල කරන තරුණ පරම්පරාවට එරෙහිව ආණ්ඩුව මර්දනයේත්, තර්ජනයේත් වියරු හස්තය දිගු කොට ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවත් ගැටළුව කළමනාකරණය කොට අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ජන අරගලමේ මූලික ඉල්ලීම් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම, රාජපක්ෂ පවුලේ කිසිවෙකුට පාර් ලිමේන්තුව තුළ තනතුරු ලබා නොදීම ඇතුළු ඉල්ලීම් පහක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර් ධන මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා වෙත මාරු කර තිබේ. එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා මාරු කර තිබේ.

Read More

අන්තර්කාලින ආණ්ඩුවක් පිහිටුවිම වෙනුවෙන් ස්වාධීන වූ මන්ත්‍රිවරුන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා ඉදිරියට ගමන් කරන්නේ පසුගියදා රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

Read More

(VIDEO) ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා කොළඹ ගෝල්ෆේස් පිටියට පැමිණ අරගලයට සහාය දක්වා තිබේ. ඔහු මෙහිදි ප්‍රකාශ කළේ නිහඬව සිටීමෙන් කිසිවක් කළ නොහැකි බවයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාකරුවන් සමග සාකච්ඡාවට සූදානම් බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළත් අරගලයට එක්ව සිටින කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත්ව නොමැති බව වාර්තා වෙයි.

Read More

මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25ක පමණ තොගයක් රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් සමඟ එම ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ ත්‍රී රෝද රථයක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ආනයනය සීමා කරමින් පනවා ඇති තහනම තවදුරටත් දිර්ඝ කිරීමට රජය කටයුතු කර තිබේ. මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවට එක්ව සිටින පුද්ගලයන් සමග සාකච්ඡාවට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආන්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව පස්වැනි දිනයට අද (13දා) ක්‍රියාත්මක වෙයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, ආණ්ඩුවටත් විරෝධය දක්වමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන සාමකාමී අරගලයට රජය ඇහුම්කන් නොදෙන්නේනම් විදෙස් ගත ලාංකිකයන් ලෙස තමන් දැඩි තීරණ ගැනීමට සූදානම් බව විදෙස් ගත ලාංකිකයන් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.