එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට එක්වීම සඳහා ඊජිප්තුවට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය අතර හමුවක් පවත්වා ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි. මෙහිදී ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් ජනපති මාධ්‍ය අංශය පවසයි.
එසේම ඝානාවේ මුදල් අමාත්‍ය කෙන් ඔෆෝරි ඇට්ටා හා මාලදිවයිනේ කථානායක මොහොමඩ් නෂීඩ් සමගද මෙම කරුණු සාකච්ඡා කළ බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.