බුත්තල පැල්වත්ත ප්‍රදේශය හා වැල්වාය කේන්ද්‍රකර ගනිමින් මැග්නිටියුට් ඒකක 03ක භු චලනයක් අද (10) දහවල් වාර්තා වු බව මොණරාගල ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පවසයි.
මෙම භු චලනය නිසා බුත්තල සහ ඒ අවට ප්‍රදේශවල නිවාස කිහිපයකට හා විහාරස්ථානයකට සුලු අලාභහානි සිදුව ඇතිබවට, වාර් ථා වි තිබෙි.
මොණරාගල ආපදා කළමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පවසන්නේ ආරක්ෂක පියවරක් වශයෙන් සිවි මහල් මොණරාගල දිස්ත්‍රික් ලේකමි කාර් යාල පරිශ්‍ර යේ සියලු සේවකයන් තාවකාලිකව ඉවත් කිරිමට මොණරාගල දිස්ත්‍රික් ලේකමි පසන් රත්නායක මහතා කටයුතු කල බවයි.
බුත්තල හා වැල්ලවාය ප්‍රදේශවාසින් පවසන්නේ පස්වරැ 12.10 ට පමණ විශාල ශබිධයක් සමග පොළව සුලු සෙලවිමකට ලක්වු බවයි.
මේ පිලිබදව තවදුරටත් අවධානයෙන් පසුවන බවත්, ආපදා තත්වයක් ඇති උවහොත් ඒ සමිබ්න්ධයෙන් ක්‍රියාත්මක විමට කටයුතු සංවිධානය කරමින් සිටින බවත් ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක වරයා පවසයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක/නයනජීව බණ්ඩාර