වාලම්පුරියක් රු කෝටි හයකට අලෙවි කිරිමට සුදානම් කර තිබියදි එම වාලම්පුරිය සහ සැකකරුවන් දෙදෙනෙකු නුවරඑලිය මිපිලිමාන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් (11) දින අලුයම අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනා සහ වාලම්පුරිය හැටන් පොලිසියට භාර දි ඇත.
හැටන් කොළඹ පාරේ පදිංචි සැකකරු වාලම්පුරිය රු කෝටි හයකට අලෙවි කිරිමට සුදානම් කර ඇති බවට යුධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත යුධ හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය උපාය දුතයෙකු යොදා ගනිමින් වාලම්පුරිය මිල දි ගන්නා මුවාවෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා හැටන් සහ නුවරඑලිය ප්රදේශවල පදිංචිකරුවන් බවත්, වාලම්පුරිය ප්රධාන සැකකරුගේ නිවසේ සගවා තිබු බව වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කියා සිටියේය.
