saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5099 hours ago

LATEST

ජනපති රනිල්ගේ දිවුරුම පාර්ලිමේන්තුවේදී

calendar_today 2022 ජුලි 20 - 12:46 remove_red_eye - 1347  

තමන් ජනපති ලෙස දිවුරුම් දෙන්නේ පාර්ලිමේන්තුවේ බව නව ජනපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එසේම රට ගොඩ නැගිම වෙනුවෙන් සියලු දෙනාටම එක්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රි ලංකාවේ අටවැනි විධායක ජනපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැති ඡන්ද විමසීමෙන් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කර තිබේ.

Read More

නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්ද ගණන් කරන අවස්ථාවේදි වැඩබලන ජනපති වෙනුවෙන් ඒම අවස්ථාවට ඒක්වූ හරීන් ප්‍රනාන්දු මහතා සිය අත්දෙක ඔසවා ආණ්ඩු පක්ෂයට සංඥාවක් කළේය. ඒ් අනව බොහෝ දෙනෙකු අනුමාන කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජයගෙන ඇති බවයි.

Read More

හබරාදුව,මැටරඹ ප්‍රදේශයේ පුද්ගලික නිවසක සිටි ජර්මන් ජාතික කාන්තාවක් නිවස තුළදි අභිරහස් ලෙස මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි.

Read More

ඒ් අනුුව වැඩබලන ජනපති වෙනුවෙන් හරින් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඩිලාන් පෙරේරා හා අනුර කුමාර දිසානායක වෙනුවෙන් විජිත හේරත් නියෝජිතයන් ලෙස ඒක්ව තිබේ.

Read More

ජනපති තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය (පොල්දූව වටරවුම) අසල පසුගියදා විරෝධතාවේදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස විසින් පොලිසිය සතුව තිබූ කදුළු ගෑස් උණ්ඩ හා කඳුළු ගෑස් බෝම්බ 429ක ප්‍රමාණයක් පැහැරගෙන ඇතැයි පොලිසිය පවසයි.

Read More

නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම, ගබඩා කිරීම හා අලෙවි කිරීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ වැටලීම්වලදි මේ දක්වා පෙට්‍රල් ලීටර් 33 847ක්, ඩීසල් ලීටර් 19 634ක් හා භූමිතෙල් ලීටර් 19 214ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු දෙල්ගොඩ රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා මන්ත්‍රිවරයෙක් ලෙස කථානාකවරයාද ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. ඒ අනුව ඡන්දය ආරම්භකරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ඡන්දය භාවිත කළේය.

Read More

අටවැනි විධායක ජනපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීමේදී තමන් ඡන්දය දුන්නේ කාටදැයි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ පාර්ලිමේන්තු සැසිවාරය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Read More

නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා තවත් විනාඩි ගණනාවක් පමණක් ඉතිරිව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටින අතර පාර්ලිමේන්තුව අසළ ආරක්ෂාවද තරකර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියට අමතරව යුද හමුදාවද කැඳවා තිබේ.

Read More

ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂයේ සහාය වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට එම පක්ෂය තිරණය කර තිබේ. එම පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිමිව තිබේ. ඩග්ලස් දේවානන්දා මහතා හා කුලසිංහම් දිලීපන් මහතා එම පක්ෂය නියෝජය කරමින් පාර්ලිමේන්තුවේ සිටියි.

Read More

යුරෝපයේ එදිනෙදා කටයුතු අඩාලුවීම සහ අවුල්සහගත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා බලධාරීන් දැන් සිටම ක්‍රියා කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

අද දිනයේදී නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

(UPDATE/LIVE) පාර්ලිමේන්තුව තුළින් නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලින්ම ඡන්ය ප්‍රකාශ කළේය.

Read More

උද්ධමනය ඇමෙරිකානු ජීවිතයට හානිදායක පසුබිමක, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමත ශ්‍රේණිගත කිරීම (ජනතා කැමැත්ත) මේ සතියේ 36% දක්වා ලකුණු තුනකින් පහළ වැටෙයි.

Read More

මේ අනුව වාහන අංක තහඩුවේ 3,4,5 යන අංක ඇති වාහන වලට හෙට දිනයේදී ඉන්ධන නිකුත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් යතුරු පැදි සඳහා රු 1500ක්, ත්‍රි රෝද රථ සඳහා රුපියල් 2000ක් හා අනෙකුත් වාහන සඳහා රු 7000ක් ලෙස ඉන්ධන නිකුත් කිරිමට නියමිතය.

Read More

ඉරානයේ සංචාරයක නිරත ව්ලැදිමීර් පූටින් හමුවූ, අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුතු නේටෝ සන්ධානය ’’භයානක ආයතනයක්’’ ලෙස හැඳින්වීය.

Read More

චීනයේ බලවත්ම වාහක රොකට්ටුව වන ලෝන්ග් මාර්ච්-5B (LM-5B) රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන මොඩියුලයක් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියි.

Read More

යුරෝපය සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්ණත්වයකට එරෙහිව සටන් වදින අතරතුර පසුගිය සතිය තුළ ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ උණුසුම හේතුවෙන් සිය ගණනක් මිනිසුන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

පාර්ලිමේන්තුව තුළින් නව ජනපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් හෙට (20දා) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ඒ සඳහා අපේක්ෂකයෙක් ලෙස එක්ව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂය මීට ඉහතදී තීරණය කර තිබුණේ කිසිඳු අපේක්ෂකයෙක් වෙනුවෙන් සහාය නොදැක්වීමටයි.

Read More

මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිඳට දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිඳට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

කොවිඩ් මරණ වලත් වැඩිවීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී සිදුව ඇතිබවට අද දිනයේදී තහවුරු කර ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 03ක් බවට පත්ව තිබේ. මෙම මරණ තුනම අවුරුදු 30ට වැඩි කාන්තාවන් වෙයි.

Read More

එළැඹෙන සඳුදා (25දා) සිට පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එළැ‍ඹෙන 21දා සිට යළි පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා 2022.07.25 සඳුදා දින සිට පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රයට මේ වන විට මිලියන 2කට අධික පිරිසක් අද පස්වරු 4.00 වන විට ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

ඒ අනුව වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කම 0,1,2 නම් - අඟහරුවාදා සහ සෙනසුරාදා 3,4,5 නම් - බ්‍රහස්පතින්දා සහ ඉරිදා 6,7,8,9 නම් - සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන්වලදී ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

Read More

ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් හෙට (20දා) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට ආණ්ඩුවේ සිටි ස්වාධීන වූ පක්ෂ එකමුතුව තීරණය කර තිබේ.

Read More

පොළොන්නරුව කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරන ලද ඉන්ධන පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙත නිසි පරිදි ලැබී නැතැයි පවසමින් පොළොන්නරුව මහ රෝහලේ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැවැන්ත විරෝධතාවක් අද (19දා) දහවල් පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට දී පැවැත්වූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.