මැතිවරණයට යන වියදම් වී මිලදී ගන්න දෙන්න
මේ වන විට ගොවින්ගෙන් වී මිලදී ගැනීම වෙනුවෙන් මුදල් වෙන් කිරීම ප්රමුඛ කාර්යය විය යුතු බවත් මැතිවරණය වැනි දේ වෙනුවෙන් මුදල් වෙන් කිරීම පසුවට සිදුකළ හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. අද (04දා) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“මෙවර මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8ක පමණ වී වගා කර තිබෙනවා. ගිය යල කන්නයේත් හෙක්ටයාර් පන් ලක්ෂ දොලොස් දහසක පමණ වී වගා කර තිබෙනවා. ඒය වාර්තා ගත වී වී වගා කිරීමත්. දැනටමත් යල කන්නයේ වී තිබෙනවා.
මාස් කන්නයේ වී මිලදි ගන්න දැනටමත් අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කරගෙන යනවා. මේ මාසෙම අස්වැන්න ඒන බවට අපිට වාර්තා කර තිබෙනවා. නමුත් අපිට තිබෙන ප්‍රධානම ගැටලුව තමයි මුදල් සොයා ගැනීම. ගිය වතාවෙත් අපි ගොවි ජනතාවට පොරොන්දු වුණත් ඒය ඉටු කරන්න බැරිවුණා.
ඒයට ප්‍රධාන හේතුව තමයි මූල්‍ය දුෂ්කරතාවය මත බැංකු අපිට ණය දීම ප්‍රතික්ෂේප කළා. මෙවර ගොවි ජනතාව වෙනුවෙන් ප්‍රශ්න ඇති නොවෙන්න වී මිලදී ගන්න ජනපතිතුමා උපදෙස් දුන්නා.
ඒ් වෙනුවෙන් අපි කටයුතු කර ගෙන යනවා. වී මිලදී ගන්න තිබෙන අවස්ථාවක විපක්ෂය කියන්නේ ඡන්ද තියන්න කියලා.
මැතිවරණ කොමිෂම කියනවා රජයේ වියදම රුපියල් බිලියන 10ක් කියලා. අපේක්ෂකයොත් වියදම් කරන ගණන ගත්තොත් රුපියල් බිලියන 30ක් විතර වෙයි.
මැතිවරණයට යන වියදම් දුන්නොත් අපිට වී මිලදි ගන්න පුළුවන්. අපි මැතිවරණවලට විරුද්ධ නෑ. මේක ආණ්ඩුවක් වෙනස් වෙන මැතිවරණයකුත් නෙමෙයි.
ඒ් මුදල් අපිට දුන්නොත් වී ගොවියාගෙන් සාධාරණ මිලට සහල් මිලදි ගෙන සාධාරණ මිලට පාරිභෝගිකයන්ට සහල් අලෙවි කරන්න පුළුවන්.
මේ අවස්ථාවේ ප්‍රමුඛතම කාර්ය වන්නේ ගොවියගෙන් වී මිලදී ගැනීමයි. අනිත් ඒ්වා පසුව පුළුවන්. වී මිලදී ගන්න මුදල් දෙන්න. ගිය වතාවේ ඇතිවුණ සිද්ධිය ඇති නොවෙන්නේ මෙ වතාවේ වග බලා ගන්න”
popular news
-
Demuni Uduwara Thursday, 05 January 2023 12:07 AM
Curtail privileges of President, Ministers
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

