ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල ඊයේ (03) දිනයේදී ඩොලර් 3.81කින් එනම් 4.4%කින් පහත වැටී ඇති අතර එම තෙල් බැරලයක මිල සටහන්වුයේ ඩොලර් 82.10ක් ලෙසිනි.
මීට අමතරව බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයක මිල 4.1%කින් පහත වැටුණු අතර එම තෙල් බැරලයක මිල ඩොලර් 76.93 ක් ලෙස සටහන්වුණි.
චීනයේ ඉල්ලුම පහත වැටිම, ගෝලීය ආර්ථිකයේ අස්ථාවරත්වය හා ඩොලරය ශක්තිමත්වීම හමුවේ මෙසේ බොරතෙල් මිල පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.