saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4599 hours ago

LATEST

දිට්ඨධම්මවේදනීය කර්මය ගැන කාදිනල් කියති

calendar_today 2022 නොවැ 14 - 10:38 remove_red_eye - 530  

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත පවසයි නම් එය අමතක කිරීමට සූදානම් බවත් බුද්ධාගමේ පවසන දිට්ඨධම්මවේදනීය කර්මයෙන් ආරක්ෂා විමට ඇත්ත පිළිගන්නා ලෙසත් කොළඹ අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ. ගනේමුල්ලේ පැවැති වැඩසටහනකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර ති‍බේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි මෙම පරිත්‍යාගය ලබා දෙනු ලබයි. එම ඉන්ධනවලින් ලීටර් මිලියන 7.5ක් හෙවත් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට නියමිතය.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමත්‍යවරයා ලෙස අද පස්වරු 1.30ට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය කථාවට සවන් දීම වෙනුවෙන් පාසල් සිසුන් 400ක් අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

Read More

මෑතකදී කළ ඉන්ධන මිල සංශෝධනය සමග පෙට්‍රල් හා ඩීසල් වලින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන ආකාරය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් හෙළිකර තිබේ.

Read More

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදිය‍රට සහභාගිවීම සඳහා දකුණු කොරියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ තරගාවලිය නිමා වීමෙන් අනතුරුව අතුරුදන්ව තිබේ.

Read More

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි විසින් එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිලදීගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

කුවේටයේ ජසීරා ගුවන් සේවය කටුනායක හා කුවේට් අතර ගුවන් ගමන් ආරම්භ කළ බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම ගුවන් සේවය හරහා ශ්‍රී ලංකාවට ගුවන් ගමනාන්ත 50කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ විය හැකි බවත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් වැදගත් බවත් අමාත්‍යවරයා පවසයි.

Read More

දැනට මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතුවලින් තොරව වසා දමා තිබෙන පේරාදෙණිය විශ්වවිද්යාලයේ ශාස්ත්‍ර පීඨය අධ්‍යයන කටයුතු සඳහා නැවතත් හෙට (14දා) සිට විවෘත කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

Read More

කටමත දොඩවන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමාත්‍යධුර දැරිමට සුදුසුකම් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවිර මහතා පැවසිය. අමාත්‍ය මහින්ද අමරවිර මහතා ඒ බැව් කියා සිටියේ අද (13දා) හැටන් රොතැස් සත්ව ගොවිපොලේ නිරික්ෂණ චාරිකාවක එක් විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි. මෙහිදි අදහස් දැක් වු අමාත්‍ය මහින්ද අමරවිර මහතා කියා සිටි තමන්ට අමාත්‍යධුරයක් දැරිමේ හැකියාවක් ඇති නිසා තමන් සෑම රජයකම ඇමතිධුර දැරු බවයි.

Read More

වනජිවි සංරක්ෂණ දේපාර්තමේන්තුව විසින් වන අලි මිනිස් ගැටුම පාලනය කිරිම සඳහා ඉකුත් වර්ෂ දෙක තුලදි (2019,2020) විදුලි වැටවල, ඉදිකිරිම හා නඩත්තු කිරිම සදහා හතලිස්පන් කෝටි පනස්පන්ලක්ෂ හාරදහස් නමසිය හැටනමයක මුදලක් (455,504,969) වැය කළද අලි මිනිස් ගැටුමේ අඩුවිමක් සිදුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

රජයේ පාලන මිලට බිත්තර අලෙවි කිරිමට නොහැකිවිම හේතුවෙන් වෙළඳපොළ තුළ විශාල බිත්තර හිගයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වෙයි. රජය විසින් බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 50ක් ලෙස ගැසට් කර තිබේ.

Read More

සිය තෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණය හිමිකර ගැනීමට එංගලන්තය අද සමත්විය. ඒ පාකිස්ථානය කඩුළු 5 කින් පරාජයට පත් කරමින් අද ලැබූ ජයග්‍රහණය සමගිනි.

Read More

කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයක නායකයෙකු හා මාධ්‍ය ලේකම්වරයා වන තමාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණයක් මුලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා හෙට (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට නියමිත බව ඒ මහතා පැවසීය.

Read More

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් උපන්දින සාදයක් අතරතුරදී අනතුරකට ලක්වී ඇත.

Read More

දෙමහල් නිවසේ තනිව විසූ ධනවත් වයෝවෘද්ධ කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. එලෙස මිය ගොස් ඇත්තේ නුගේගොඩ පරණ කැස්බෑව පාර පදිංචිව සිටි විනිතා ජයසිංහ නැමැති 75 හැවිරිදි කාන්තාවකි.

Read More

2014 වසරේ සිට සාම සාධක හමුා රාජකරීන්හි නිරත ව ඇති ගුවන් හමුදාව මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක පමණ දළ ආදායමක් ලබා තිබේ.

Read More

2023 වර්ෂය සඳහා වන අයවැය හෙට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.

Read More

2024 වසරේදී පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරයි.

Read More

පොල් වගාකරුවන් පවසන්නේ ගෙවී ගිය වසර දහය තුළ දී පමනක් වල් අලින් කඩා වැදි පොල් අක්කර දස දහසකට (10000)වැඩි සංඛ්‍යාවක් වනසා දමා ඇති බවයි. මෙසේ අක්කර දස දහසකට වැඩි සංඛ්‍යාවක් වනසා දැමිමේන් පොල් ගස් සංඛ්‍යාව ලක්ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් අහිමි වු බව වගාකරුවන් පවසති.

Read More

ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එකකට දේශපාලනඥයින් එකග වුවත් ඇතැම් රාජ්‍ය නිළධාරීන් ඊට කැමති නැති බැවින් එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

Read More

තානාපතිවරුන් සිව් දෙනෙකුට සහ මහ කොමසාරිස්වරයෙකුගේ සේවා දිගු කිරීමට විදේශ අමාත්‍යාංශය කළ ඉල්ලීමක් ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

එසේම මෙම සතිය මුලදී ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලද බැවින් නොවැම්බර් 15 වැනි දින තවත් මිල සංශෝධනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වීම වෙනුවෙන් ගමන් කරමින් සිටියදි අනතුරට ලක්වූ යාත්‍රා වේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

පුවත්පතක පළ වී තිබූ මංගල දැන්වීමක් අනුව කතා කර ගෙන මනාලිය බැලීම සඳහා ගිය මනාලයාගේ රුපියල් ලක්ෂ තුනක මුදලක් සමඟ මනාලිය අතුරුදහන් වීමේ පුවතක් වාර්තා වෙයි.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ ව්‍යාපෘතියක් වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ඉදි කරමින් පවතින ආදර්ශ කෘෂි උද්‍යාන වැඩ පිළිවෙළ යටතේ මඩකලපුව ප්‍රදේශයේ වගා කර තිබෙන දෙළුම් වගාව මේ වනවිට සාර්ථකව වැවී තිබේ.

Read More

සන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු නොක‍ළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

Read More

සූරියවැව මහගල්වැවෙහි ඔරුවක් පෙරලීමෙන් තුන් දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් එම ඔරුවේ සිටි තවත් පස් දෙනෙකු දිවි බේරා ගැනිමට සමත්ව ඇති බවත් සූරියවැව පොලිසිය පවසයි.

Read More

වර්තමානයේ රට වැටී ඇති තත්ත්වයට දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 100%ක් ම වගකිව යුතු බවත්, රට බිංදුවට වැටී තිබිය දීත් පටු දේශපාලන අරමුණු මත වැඩ කරනවා නම් යළි මේ රට ගොඩ නැගිය නොහැකි වනු ඇති බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැසීය.

Read More

අම්බලන්ගොඩ කුලීගොඩ අප්පලදූව පදේශයේ පාලු නිවසක කාන්තාවක් විසින් දමා ගොස් සිට් දෙහැවිරිදි හා තුන් හැවිරිදි දියණියන් දෙදෙනෙක් ඊයේ (11) රෑ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.