මාතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී යළි නිවෙස කරා යමින් සිටි වෑන් රථයක පිටුපසින් පැමිණි මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8 දශම 4 කහතුඩුව වෙනිවැල්කොළ ප්‍රදේශයේදී 07 දා දහවල් අනතුරක් සිදුව ඇති බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.
අනතුරින් එකම පවුලේ අට හැවිරිදි කුඩා දරුවකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම පිරිස මාතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වී නැවත අත්තනගල්ල ප්‍රදේශයේ තම නිවස කරා වෑන් රථයකින් යමින් සිටියදී මාතර සිට කොළඹ දක්වා ගමන් කළ මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ කහතුඩුව වෙනිවැල්කොල ප්‍රදේශයේදී වෑන් රථයේ පිටුපස ගැටී අනතුර වී තිබුණි .
එම අවස්ථාවේදී වෑන් රථය අධිවේගී මාර්ගයේ වට කිහිපයක් කැරකී ආරක්ෂිත වැටෙහි ගැටී පෙරලී නැවතී ඇති අතර එම අවස්ථාවේදී කුඩා දැරියක සහ කාන්තාවක් වෑන් රථයේ ජනේලයකින් පිටතට විසි වී ඇති බවද පැවසේ .
තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් තිදෙනෙකු , කුඩා දැරියක වන අතර රියදුරු සුළු තුවාල ලබා බේරී ඇති බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට හා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ .
අනතුරට සම්බන්ධ මෝටර් රථ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා කහතුඩුව පොලීසියට භාර දීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අදිවේගීමාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පරීක්ෂණ පවත්වති.
ශාන්ත ප්‍රදීප් කුලරත්න/බිමල් ශ්‍යාමන්